භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ 

භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ 

ඉයේ (20) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබු ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉයේ නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“2311/8 කියන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය තුනී ලෑලි නැත්නම් MDF බෝඩ් වර්ග ගෙන්වීම සඳහා, ඒ වගේම ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය CCTV කැමරා, විශේෂයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි අපි මීට පෙර නිදහස් නොකර ක්‍රීඩා උපකරණ රැසක්. අපේ දරුවෝ නිතරම භාවිතයට ගන්න ටෙනිස් බෝල‍, බැට්මින්ටන් පිති මේ වගේ භාණ්ඩ රැසකටත්, භාණ්ඩ 10කටත් අපි නැවතත් නිදහස් කිරීමක් නැත්නම් ආනයන කිරීමට අවශ්‍ය අවසරය ලබාදුන්නා. ඒ වගේම මේ නිදහස් කිරීම් හරි ආකාරව ක්‍රියාත්මක වෙනවද? ඒ ක්ෂේත්‍රයන්ට අදාළ පසුබිම ඒ තුළින් නිර්මාණය වෙනවද ? ඔවුන්ට ඒ පහසුකම ලැබෙනවාද ? කියන එක බලන්නත් අපි කටයුතු කරගෙන යනවා.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top