මසකට ලක්ෂ 12ක පඩියක් දකුණු කොරියාවේ \ සුපිරිම රැකියාවක් , කැමති අය අදම අයදුම් කරන්න..

මසකට ලක්ෂ 12ක පඩියක් දකුණු කොරියාවේ \ සුපිරිම රැකියාවක් , කැමති අය අදම අයදුම් කරන්න

ලක්ෂ ගණන් පඩි ගන්න ඔබටත් අවස්ථාව වෑද්දුන් කාර්මික ශිල්පියකුට දකුණු කොරියාවේ රුපියල් ලක්ෂ 12 ක මුදලක් හිමි වෙතත් දැනට ආරම්භ කර ඇති පාඨමාලා අධ්‍යයනයට ප්‍රමාණවත් පරිදි සිසුන් ඇතුළත් නොවන බව ඔරුගොඩවත්ත, කොරියානු ශ්‍රී ලංකා තාක්ෂණික පුහුණු ආයතනයේ සහකාර අධ්‍යක්ෂ භාතිය අමරනාත මහතා පවසනවා.

මෙම පාඨමාලාව , පූර්ණ කාලීනව පවත්වන අතර සියලුම පාඨමාලා නොමිලයේ පවත්වනු ලබන බවයි පැවසෙන්නේ.

වෑල්ඩින් ශිල්පීන් පිළිබඳව සමාජයේ ඇති ආකල්ප සහ එවැනි රැකියාවකට යමෙක් යොමුවන්නේ අධ්‍යාපන මට්ටමෙන් පහළ සිටින නිසා බැවින් යැයි බොහෝ දෙනා සිතන බැවින් දෙමාපියන් පවා මෙවැනි පාඨමාලාවක් හැදෑරීමට දරුවන් යොමු නොකරන බවද ඔහු පෙන්වා දුන්නේය.

එම මතය තම ආයතනය දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් ලංකාවෙන් පළමු වරට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ 5) සපුරා මෙම වෑල්ඩින් කාර්මික පාඨමාලාව හදාරා නිම කළ වෘත්තීයමය සුදුසුකම් ඇති 150 දෙනකු ඉදිරි දින කිහිපය තුළ කොරියාවට පිටත් කර යවන බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

ඔවුන්ට එහිදී රුපියල් ලක්ෂ දොළහක වැටුපක් ලබාදෙන බවට මේ වන විට අදාළ කොරියානු සමාගම් ගිවිසුම්ගතව ඇත.

මෙම පූර්ණකාලීන වෑල්ඩින් පාඨමාලාව ආරම්භ කළ 2019 වසරේදී එය හැදෑරීම සඳහා ඉදිරිපත් වී ඇත්තේ දිවයිනෙන්ම සිසුන් 12 ක් පමණි. එමෙන්ම මෙම වසරේ ද මෙම පාඨමාලාව සඳහා අයැදුම් කළ ඇත්තේ සිසුන් 16 දෙනකු පමණි.

hvcjncgh
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top