පුපුරන ද්‍රව්‍ය රැගෙන ජය ශ්‍රී මහ බෝධියට ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

jasrimaha bodiyata wedibeheth

පුපුරණ ද්‍රව්‍ය සමග අනුරාධපුර ශ්‍රී මහා බෝධියට ඇතුලු වීමට තැත් කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල් වෙඩි දැමීම සඳහා යොදාගන්නා පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් හා සේවා නූලක් සැකකරු සන්තකයේ තිබී සොයාගනු ලැබුවේ උඩමලුව පොලිසිය විසින්.

ඒ, ශ්‍රී මහා බෝධියට සහ පූජා භූමියට ඇතුළු වන ස්ථානයේ පුද්ගලයන් පරික්ෂා කරන ස්ථානයේදී සැකකරු පරික්ෂා කිරීමේදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු කලාවැව ප්‍රදේශයේ නිධානයක් හැරීම සඳහා මෙම වෙඩි බෙහෙත් සහ සේවා නූල් රැගෙන පැමිණි බවත් එම කටයුතු අද සිදුකර ගැනීමට නොහැකි වී තිබූ බවත් සඳහන් ය.

ඒ හේතුවෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි බව සැකකරු ප්‍රකාශ කර තිබුණි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top