මිලියන 70 නඩුවට නාමල්ට ලැබුණු තීන්දුව…

Untitled 1 2

රුපියල් මිලියන 70ක මුදලක් ක්‍රිෂ් නමැති සමාගමෙන් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වි තිබෙනවා.

ඒ අනුව ඊට අදාළව (21) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ එම පැමිණිල්ල කැඳවනු ලැබුවා.

එහිදී නාමල් රාජපක්ෂ අධිකරණයේ පෙනී සිටි අතර අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ , මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් විමසා ඇති බවයි.

නාමල් රාජපක්ෂ එලෙස මුදල් ලබාගෙන ඇත්තේ , රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසමින්.

ඒ අනුව එම නඩුව 2023 වර්ෂයේ පෙබරවාරි මස 01 වනදා නැවත කැඳවීමට ද අධිකරණය නියම කරනු ලැබුවා…

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top