මීරිගම, දංඕවිට ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් 29 හෑවිරිදි තරුනියක් මරුට…

ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් 29 හෑවිරිදි තරුනියක් මරුට

මීරිගම දංඕවිට ප්‍රදේශයේ අද (02 OCT) අලුයම සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 29 හෑවිරිදි තරුනියක් මියගොස් තිබෙනවා. අද (02 OCT) අලුයම දෙකට පමණ කොල්ලකරුවන් කණ්ඩායමක් මීරිගම, දංඕවිට ප්‍රදේශයේ තැබෑරුමක් කොල්ලකෑමට පැමිණ ඇතැයි ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි අන්කයට දෑනුම් දී ඈත.

ඒ අනුව පොලිස් කණ්ඩායමක් වහාම එතැනට ළඟා වී ඇති අතර එම අවස්ථාවේ කොල්ලකරුවන් ඔවුන් පැමිණි මෝටර් රථයේ නැගී පළා යාමට උත්සාහ කර ඇත. එහිදී පොලිස් නිලධාරීන් කෙල්ලකරුවන් වෙත වෙඩි තබා තිබේ. එම අවස්ථාවේ මාර් ගයේ ගමන් ගත් බස්රථයක සිටි මෙම තරුනියට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් ජීවිතක්ෂයට පත්වුණි. වෙඩි වදින අවස්ථාවේ ශාමලී සිට ඇත්තේ කහටගස්දිගිලිය සිට කොළඹ බලා ගමන්ගනිමින් තිබූ බස් රථයක පිටුපස ආසනයේය. ඇය ඉඳුරුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරමින් සිට ඇති අතර එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක සංචාරක කළමනාකාරීත්වය පිළිබඳ උපාධිධාරිනියක්ද වේ.

මියගිය තරුණියගේ මව,

“අයියයි, අක්කයි එක්ක ගිහිල්ලා මේ පුජාවල් තියෙලා එන ගමන් තමයි ඊයේ රෑ මම වෙලාවක් දැන්නේ නැහැ. එකට දෙකට වගේ කිව්වේ. ඇවිල්ලා බස් එකේ සද්දයක් ඇහුණාලු හයියෙන්ම. බලනකොට නංගි වැටිලා. ලේ එනවා දැකලා. පොලීසියට ගිහිල්ලා වතුපිටිවල රෝහලට ඇතුළත් කළා කිව්වා.”

එම අවස්තාවේ පොලිස් වෙඩි ප්‍රහාර අතරතුර කොල්ලකරුවන් පළා ගොස් තිබේ. ඔවුන් පෑමිනි මොටර් රථය එඩෙරමුල්ල ප්‍රදේශයේ තිබි පොලිසිය පසුව සොයාගෙන තිබේ. එම වෙඩි ප්‍රහාරයෙන් කොල්ලකරුවන් දෙදෙනෙකුට තුවාල සිදුව රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබාගනිමින් සිටියදි පොලිස් අත්අඩංගුවට ගෙන ඈත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top