මෝටිවේෂන් අප්පච්චිගේ සාක්ෂියෙන් වසන්ත යළිත් රිමාන්ඩ්

dfvdvf

ගාලු මුවදොර අරගලයෙන් නෙරපූ අයෙක්ගේ සාක්ෂියක් මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාරයේ රඳවා ගෙන සිටින බව නීතිඥ නුවන් බෝපගේ මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (13) වසන්ත මුදලිගේ මහතාගේ නඩුවට පෙනී සිටීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රකටව සිටින මොටිවේෂන් අප්පච්චි නොහොත් පියුමාල් සමරසිංහ සහ ගැමුණු විජේරත්න යන අය ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත ලබාදී ඇති ප්‍රකාශයක් හේතුවෙන් වසන්ත මුදලිගේ මහතාව රඳවා තබා ගෙන සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ.

නීතිඥ නුවන් බෝපගේ මහතා සඳහන් කළේ එම සාක්ෂියට අනුවට ගාලු මුවදොර උද්ඝෝෂණ ව්‍යාපාරය ඔවුන් ඇතුළු පිරිස විසින් මුල් අවධියේ ඉතා සාමකාමී ලෙස පවත්වාගෙන ආ නමුත් පෙරටුගාමීන් සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එම ව්‍යාපාරය බලෙන් පැහැරගෙන විනාශකාරී ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කර ඇති බවයි.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ලබන ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top