ලංකාවේදී අතරමං වූ සිව් හැවිරිදි රුසියානු දැරිය

ලංකාවේදී අතරමං වූ සිව් හැවිරිදි රුසියානු දැරිය

ගාල්ල උණවටුන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ කුඩා දියණිය මේ වනවිට භාරගැනීම සඳහා කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති බවට තොරතුරු වාර්තා වෙයි.

මියගිය කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය උණවටුන ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඊයේ දිනයේ ඇය සිය සිව් හැවිරිදි දියණිය දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත ඇරලවා නැවත පැමිණෙමින් සිටියදී රුසියානු ජාතික කාන්තාව මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී ඇත.

මොවුන්ගේ කිසිදු ඥාතියෙකු මෙරට නොමැති බවත් තානාපති කාර්යාලය හරහා ඔවුන්ගේ ඥාතියෙකු සම්බන්ධ කරගන්නා තුරු කුඩා දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේම රඳවා ගැනීමටත් නියමිත බවට වාර්තා වෙයි.

ඊයේ උදෑසන උණවටුන ප්‍රදේශයේදී බෙලිඅත්ත සිට වවුනියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථය ගැටීමෙන් රුසියානු ජාතික කාන්තාව සහ එහි රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.

පොලීසිය පවසන්නේ ත්‍රිරෝද රථ රියදුරු නොසැලකිලිමත් ලෙස දුම්රිය මාර්ගය හරහා ත්‍රිරෝද රථය ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

එම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය අක්‍රීය වී ඇති බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් විසින් ත්‍රිරෝද රථය ඉදිරියට ධාවනය නොකරන ලෙසට දැනුම්දී තිබුණද රියදුරු ඒ පිළිබඳව තැකීමක් සිදුනොකර දුම්රිය මාර්ගය හරහා ගමන්කළ බව පවසයි.

අනතුරුව දුම්රියේ ගැටුණු ත්‍රිරෝද රථය ගිනිගෙන මුළුමනින්ම විනාශ වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles-

අනවසරයෙන් ඔබව පටිගත කරන කැමරා හොයාගන්න වැදගත් ක්‍රම

ඔයාට රහසින් කැමති කෙනෙකු හඳුනාගන්න පුළුවන් අපූරු ක්‍රම

Related English Articles-

Ariana Grande”s All details

All About Taylor Swift

Most Beautiful Transgenders in Thailand

Thylane Blondeau, The French model who was named “the most beautiful girl in the world”. Now she is 21-year-old… (Photos)

Most Beautiful Women in the World 2022 | Top 20

The Sri Lankan beauty who went to the world without a dress | A moment of shame as a country (Photos) | Sri Lanka for the ‘Miss Grand International competition

Melissa Rauf – Miss England 2022 Finalist – Make-up free Girl (Photo and Details)

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Ceylebrity English News And Articles- Ceylebrity News

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top