විදුලි බිල ඉහළ දැමේ..

22 63875a11d2083

විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ එනම් 2023 ජනවාරි සහ ජුනි මාසවල පියවර 2 කින් විදුලි ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබේ.

යෝජිත ඉහළ නැංවීම ගැන විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිළි කිරීමක් සිදුකර ඇත. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ මේ මොහොතේ විදුලි ගාස්තු ඉහළ දැමීමක් සම්බන්ධයෙන් සලකාබැලීමක් සිදුනොකරන බවය.

මේ අනුව 2023 ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය සදහා අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බවද විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකශ කළා.

දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩි විය යුතු බවත් විදුලි බල මණ්ඩල නියෝජිතයෝ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. විදුලි බල මණ්ඩල පාඩුව පියවා ගැනීමේ අරමුණින් විදුලි ගාස්තු වැඩි කළද එය දැරිය නොහැකි මට්ටමක පැමිණ ව්‍යාපාර ආදිය කඩා වැටීමේ අවධානම පිළිබදවද කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවද සඳහන්.

මේවන විට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ණය ලෙස රු බිලියන 650කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top