විදුලි බිල යළි ඉහළට – වෙනම ස්ථාවර ගාස්තුවකුත් අය කිරීමේ තීරණයක් !

22 63875a11d2083 1

මාසික විදුලි ඒකක 30 වඩා අඩු ප්‍රමාණයක් භාවිතා කරන පාරිභෝගිකයන්ට ඒකකයක් සඳහා අය කරන මුදල රුපියල් 08.00 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීම ඇතුළු යෝජනාවක් විදුලිබල මණ්ඩලය විසින් අමාත්‍යාංශයට භාර දී තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශයේ විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒකක 31 සිට 60 දක්වා පාරිභෝගිකයන්ට ඒකකයට මේ වන විට අය කරනු ලබන රුපියල් 10 සිට 55 දක්වා වැඩි කිරීමට ඉන් යෝජනා කර ඇති බවයි.

ඒකක 61 – 90 අතර පාවිච්චි කරන පාරිභෝගිකයන්ට දැනට අය කරන රුපියල් 16ක මුදල 60 දක්වා ද ඒකක 91 – 120 තෙක් අය කරන රුපියල් 50 සිට 65 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර තිබෙනවා.

ඒකක සඳහා වැය කරන මුදලට අමතරව රුපියල් 1500ක ස්ථාවර ගාස්තුවක් අය කිරීමට ද එම යෝජනාවේ ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව විහාරස්ථාන සඳහා ඒකකයට අය කරන මුදල රුපියල් 40 සිට 50 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර තිබෙනවා.

මෙම මිල සංශෝධන මඟින් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 800ක පමණ අදායමක් බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top