ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මුල ඉන්දීය සංචාරයක

India vs Sri Lanka

ලබන වසරේ ජනවාරි මුල් සතියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ තරඟ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 3ට සහ පන්දුවාර 20 තරඟ 3ට එක්වීමට නියමිතයි.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබන ජනවාරි 03 වනදා ඉන්දියාව සමඟ පළමු විස්සයි විස්ස තරඟය පැවැත්වෙනවා.

එය මුම්බායි හිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

දෙවන පන්දුවාර විස්ස තරඟය පුනෙහිදී ජනවාරි 05 වනදා පැවැත්වෙන අතර තුන්වන සහ අවසාන පන්දුවාර විස්ස තරඟ පැවැත්වෙන්නේ ජනවාරි 7 වනදා වනදායි.

එම තරඟය ඉන්දියාවේ රාජ්කොට් හිදී පැවැත්වීමට නියමිතයි.

එක්දින තරඟාවලියේ පළමු තරඟය ග්වාතී හී දී පැවැත්වෙන අතර දෙවන එක්දින තරඟය පැවැත්වෙන ජනවාරි 12 වනදා කොල්කාටා හිදීයි.

ජනවාරි 15 වනදා ශ්‍රී ලංකා ඉන්දීය තුන්වන තරඟය කේරලයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට පැවැත්වෙන LPL තරඟාවලිය තුළ දස්කම් දක්වන අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු සහ සධීර සමරවික්‍රම කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත් මේ දක්වා සංචාරය සඳහා එක්වන නිල ක්‍රීඩක සංචිතය නම් කර නොමැති බවයි වාර්තා වන්නේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top