නිදහස් දිනය වෙනුවෙන් කතාකල තරුනයෙකු අත්තඩංගුවට/ ගත් හේතුව

maco

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසනවා. 

 පොලීසිය පවසන්නේ ඔහු 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පුද්ගලයකු සිය ෆේස්බුක් හි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පොස්ට්) පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි. 

  සැකකරු ඉහත ආකාරයෙන් මහජන කැලඹීමක් ඇතිවන ආකාරයේ අදහස් (පෝස්ට්) විවිධ ආකාරයෙන් සකස්කර  ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.  

ඒ අනුව එලෙස අදහස් පළ කළ සැකකාර පුද්ගලයාගේ මුහුණු පොතේ ගිණුම පරීක්ෂාකර ඔවුන්ගේ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය කියා සිටියේ.

 සැකකරුව නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔහු දමා තිබු සමහර post පහලින්

5ca3fbab d4f0 4a5c a9e0 e480295eeccd
c551c4d5 86f7 4424 ac5c 02626a040fb7
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top