ශ්‍රී ලංකා රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරට

download 2

ලොව මුදල් ඒකක අතරින් අර්බුදවලට ගොදුරු වීමේ ඉහළ අවදානමක් පවතින මුදල් ඒකක 7 අතරට ශ්‍රී ලංකා රුපියලද ඇතුළත් කරමින් ජපානයේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

ඔවුන් මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ලොව රටවල් 32ක මුදල් ඒකක පිළිබද සිදු කළ සමීක්ෂණයකදීයි. ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය කඩා වැටීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එම මූල්‍ය ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත, විනිමය අනුපාතය, මූල්‍ය තත්ත්වය හා පොලී අනුපාත යන කරුණු මුල් කරගනිමින් මෙම තත්ත්වය ප්‍රකාශයට පත් කළ බවයි. 

ජපානයේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ අර්බුදවලට ගොදුරු වීමේ ඉහළ අවදානමක් පවතින මුදල් ඒකක අතරට ඊජිප්තුව, රුමේනියාව, තුර්කිය, චෙක් ජනරජය, පකිස්ථානය සහ හංගේරියාවද ඇතුළත්. ඒ අතරින් ඉහළම අවදානමේ පසුවන්නේ ඊජිප්තු මුදල් ඒකකයයි. ශ්‍රී ලංකාව එහි තුන්වන ස්ථානයේ පසුවනවා. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top