සමලිංගික නීතිය ගෙනඒමට පෙර ජනමත විමසීමක් ඉල්ලයි…

lgbt lawsuit

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කෙරුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ දර්ශන වේරදූවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව කියා සිටියේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා මෙම පනත් කෙටුම්පත තුළින් සමලිංගික කටයුතු නීතිවිරෝධී නොවන බව සඳහන් කරමින් වගන්තියක් ඇතුළත් කර තිබෙන බව පෙන්වා දුනි.

මෙම පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 12 (1) විධිවිධාන මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් එබැවින් මෙම පනත් කෙටුම්පත ජනතාවගේ අනුමැතිය සඳහා අනිවාර්යයෙන් ම යොමු කළ යුතු බවත් නීතිඥවරයා සඳහන් කරයි.

වැඩිදුර පෙත්සම් විභාගය හෙට (21) දින තෙක් කල් තැබුණි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top