සතුටින් ජීවත් වන යුවළක් නින්දට යාමට පෙර සිදුකරන දේවල්

best cupple

විවාහ ජීවිතය සතුටින් ගත කිරීම සෑම යුවළකට ඇති පොදු සිහිනයකි. නමුත් වර්තමානය වන විට මෙම සිහිනය කෙතරම් දෙනෙක් සැබෑ කර ගන්නවා ද? සතුට නොමැති කමෙන් විවාහ ජීවිත දෙදරා ගොස් දික්කසාදයෙන් අවසාන වන අවස්ථා බොහෝ ඇත. විවාහ ජීවිතයේ සතුට රඳවාගෙන බොහෝ කල් ජීවත්වීමට, සතුටින් ජීවත්වන යුවලක්  නින්දට යාමට පෙර සිදුකරන දේවල් කිහිපයක් පහත දැක්වේ.

01) ඔබේ ජංගම දුරකතනය පසෙකින් තබන්න.

family couple ignore lively talk before sleep use smart phone watch video 273609 43620

සාමාන්‍යයෙන් ජංගම දුරකථන යනු අප සැමට නැතිවම බැරි උපාංගයකි. නමුත් ඔබ එයට පමණට වඩා එල්ලී සිටිමින් ඔබේ ආදරණීයයන් ඔබෙන් දුරස් කරන්නෙක් ඔබට නොදැනුවත්වමය. විශේෂයෙන්ම සමාජ මාධ්‍යයන්ට ඇබ්බැහි වීම මගින් , ඔබේ සිරුරේ ඔබ නොහිතන දේවල් වීමට හැකිය. ආදර හෝමෝනය නමින් හැඳින්වෙන ඔක්සිටොසින් හෝමෝනය  මුදාහැරීම අඩපණ වීම සිදුවේ.ඔබ දෙදෙනා අතර ගතින් සිතින් බැඳීම ට මෙම හෝමෝනය ලබා දෙනුයේ  ඉමහත් දායකත්වයකි. එම දායකත්වය නොමැති වී යාමෙන් ඔබේ සම්බන්ධය කුමක් විය හැකි දැයි ඔබට නිසැකවම අවබෝධ විය යුතුය.මේ සඳහා ඔබ කළ යුත්තේ ඉතාමත් පුංචි දෙයක් වේ.ඔබ නින්දට යාමට පැය බාගයකටත් කලින් ඔබගේ ජංගම දුරකථනය දුරකතනය ක්‍රියා විරහිත කිරීම වඩාත් සුදුසු වේ.එසේ කළ නොහැකිනම් නොහැකි නම් අවම වශයෙන් එය silent  කිරීමටවත් වගබලා ගන්න.ඔබ දෙදෙනා විසින්ම මෙය සිදු කළ යුතුවේ .ඒ ආකාරයට ඔබ දෙදෙනාට ආදරණීය කාලයක් මෙන්ම  සුව නින්දක් ලබාගත හැකිවේ.

02) වැඩකටයුතු සියල්ල අමතක කිරීම.

pillow talk before bed

ඔබත් ඇඳ මතට පැමිණ ඔබගේ රාජකාරි වැඩකටයුතු කරන අයෙක්ද? එසේත් නොමැති නම් හෙට දිනයේ රාජකාරි කටයුතලදී ඔබගේ සහකරුවා හෝ සහකාරිය තර්ක මෙන් ගත කරනවා විය හැකිය දී ඔබගේ සහකරුවා හෝ සහකාරිය තනිකමෙන්  ගත කරනවා විය හැකිය.එම නිසා ඔබගේ රාජකාරිය වැඩ මෙන්ම නිවසේ වැඩ නිදන කාමරය තුළට රැගෙන යාමෙන් වැළකිය යුතුය.එසේම රාජකාරි කටයුතු වල ප්‍රශ්න , ආර්ථික ගැටලු ,හිත කලබල කරන කරන ගැටළු ඔබගේ නිදි යහන මතට ගෙන යාමෙන් වැළකිය යුතුය.දෙදෙනා එකට සමීපව ගත කරන කාලය තුළ ආදරණීය දේවල් කතා කිරීමට මතක තබා ගන්න .ආදරය කිරීමට සහ ආදරය ලැබීමට මෙම වෙලා වඩාත් සුදුසුය.මෙමගින් ඔබ  දෙදෙනාට ම වෙන් වූ ආදරණීය ගුණාත්මක කාලයක් සොයා ගැනීමට හැකිවේ.එසේම සුව නින්දක් සමග හෙට දිනයේදී නව ජවයකින් සූදානම් වීමට අවශ්‍ය හොඳ විවේකයක් ලබා ගැනීමටද හැකිවේ.

03) එකම වේලාවක එකට නින්දට යාමට පුරුදු විය යුතුය.

Couple Sleeping 1024x687 1

සාමාන්‍යයෙන් යුවළක් ලෙස වැඩ කටයුතුත් සමඟ එකම පුරුද්දක් පවත්වාගෙන යන්නේ  ඔබට සිතීමට පුළුවන.නමුත් පුරුදු වුවහොත්  එය ඔබගේ සෞඛ්‍යයට පවා ඉතාමත් හිතකර පුරුද්දක් වේ.ඔබ දවසේ එකම  වේලාවකට නින්දට යාමට හුරුවන්න .ඔබ වැඩ කටයුතු අවසන් ව නින්දට යාමට පහසු වෙලාව රාත්‍රී 11 නම්, පුරුද්දක් ආකාරයට සිදුකළ හොත් ඔබට නොදැනුවත්වම දිගටම එය හුරුවනු ඇත .ඔබ විසින් මේ සිදු කළ යුත්තේ ඔබගේ සහකරු හෝ සහකාරිය සමඟ ය.මේ ටික දවසක් අමාරුවෙන් වුවද සිදු කර බැලීම වඩාත් සුදුසුය.එසේ කළහොත් හැමදාම රාත්‍රී 11ට ඔබගේ මොළයට නිදාගන්න යන්න  සංඥාවක් යනු ඇත.එම වෙලාවට ඔබට ඈනුම් ගොස්  , ඇස් විඩාබර වී ඔබ ව නින්දට සූදානම් කරනු ඇත.ටිකක් අමාරු වුවද මෙය  සඳහා ඔබගේ සහකරු හෝ සහකාරිය එකතු කර ගැනීම තුළින්  සුවපහසු ආදරණීය ජීවිතයක් ගත කිරීමට හැකි වේ.එපමණක් නොව දෙදෙනාටම සුව නින්දක් ලැබීමෙන් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඇති වේ.

04) ආදරණීය කතාබහක යෙදීම.

beautiful young happy couple relaxing bed smiling embracing 158595 7478

ආදරණීය කතාබහ යෙදීම නම් ඔබට අමාරු නැත.මෙහිදී කාරණා තුනක් පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.ප්‍රථමයෙන්ම ඔබ දෙදෙනා එකිනෙකාගේ හැඟීම් කෙරෙහි අවධානය යොමු කළ යුතුය  .මෙහිදී ඔබ අනිකාට ක්ෂණික උපදෙස් ම විසඳුම් ලබාදීම අවශ්‍ය නොවේ.ඔහු ඔහු කියන දේ පිළිබඳව ඔබගේ සැලකිල්ල සහ  සහයෝගය ඇති බව පමණක්  දැනීමට ඉඩ හරින්න.ඒ අනුව ඔබ දෙදෙන ධනාත්මක හැඟීම් බෙදා ගැනීම වැදගත්ය.හොඳ දේවල් අසන්නට ලැබීමෙන් ඔබට පමණක් නොව ඔබගේ සහකරුට හෝ සහකාරියට දේ සැනසීමක් ලඟාකර දෙන්න.දෙදෙනාටම හිතේ අස්වැසිල්ලෙන් සුවපහසු නින්දක් ලබා ගැනීමට හැකිවනු ඇත.අවසාන වශයෙන් දෙදෙනාම එදින සිදු වූ සියලු දෙයක්ම අමතක කිරීමට උත්සාහ කිරීම වැදගත් ය.සියලු දුක් සහ ගැටළු කරදර නිදන කාමරයේ දොර අසල තබා ඒමට  අමතක නොකරන්න .ඔබ ඔබගේ සහකරුට කොතරම් ආදරය කරනවාද යන්න වචනවලින් පවසන්න.ඔබ ඔබගේ හැගීම් අවංකව ප්‍රකාශ කිරීමද හරිම වැදගත් වේ .ආදරණීය කතා බහකින් පසු ඔබ දෙදෙනාටම සුව නින්දක් ළඟා කරගත හැකි වෙයි. 

05) වාද විවාද පසෙකින් තබන්න.

stock photo happy couple talking drinking coffee

දෙදෙනා සමග ඇඳට යාමෙන් පසුව රණ්ඩු වීමට යාමෙන් වළකින්න. වාද විවාද, උණුසුම් වචන ඔබ දෙදෙනාගේම හිත් රිදවන වා පමණක් නොව එය දීර්ඝ කාලීන ගැටලුවලට පවා මග විවර කරයි. වාද විවාද මගින් ගැටලු වලට විසඳුම් නොලැබෙන බව සිහි සිහිතබා ගත යුතුය .සමහර වචන නිසා ඔබගේ ආදරණීය සහකරුට හෝ සහකරුගේ හෝ සහකාරියගේ හිත බිඳී යාමට පවා හැකිය.එසේ වුවහොත් ඔබට පසුදා ඉතුරුවන්නේ බිඳුනු හිතක් සහ මානසික පීඩනයක් පමණි.එවිට ඔබට නැවුම් දවසක් ආරම්භ කිරීමට වනුයේ වනුයේ පීඩාවට පත්වූ සිතකින් ය.නින්දට යාමට කලින් සියලු පීඩාකාරී කතාබහ ඔබගේ නිදන කාමරයේ දොර අසල තබා ඒමට වග බලා ගන්න.යුවලකට තනි වූ විට කතා කිරීමට කෙතරම් සුන්දර දේවල් තිබෙනවාද? ඒ පිළිබඳව මොහොතකට සිතා බලන්න. 

06) දරුවන් නිදි යහනේ පසෙකින් තැබීම.

sleepingwithbaby 1920x900

සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් තමන්ගේ දරුවන් නිදියහනේ දෙදෙනා අතර මැදින් තබාගෙන නිදා ගැනීමට කැමතිය.එය ඉතාමත් ආදරණීය වේ.නමුත් යුවළක් ලෙස ඔබ දෙදෙනාගේ පෞද්ගලික ජීවිතේ ඉඩකඩත් තබාගැනීම ද අත්‍යවශ්‍ය වේ. ඔබ  දෙනාගේ සමීප සම්බන්ධතාවයට බාධාවක් නොවන පරිදි දරුවන්ව වෙනම තැබීම සුදුසු වේ.එලෙසම එය ඔබට සුවපහසු නින්දක් ළඟා කිරීමට ද හේතුවක් වේ.

07) සුරතල් සතුන් යහනට ගෙන ඒමෙන් වැළකීම.

download

ලංකාවේ අප නම් සුරතල් සතුන් නිදි යහනට ගොඩ කරගන්නවා  ඉතාමත් අඩුය.නමුත් සමහර පුද්ගලයන් මෙම සුරතල් සතුන්ට කෙතරම් සමීපදයත් , ඔවුන් ව තම යහනේ තබා ගැනීමට පැකිලෙන්නේ නැත.නමුත් ඔබගේ සහකරු මෙලෙස සුරතල් සතකු යහනේ තබාගැනීම ප්‍රියනොකරනවා විය හැකිය.ඔබේ අවධානය සුරතලා දෙසට නැඹුරු වීමෙන්, සහකරු හෝ සහකාරිය වෙත ඇති අවධානය බිඳී යාමට හැකි ය.විශේෂම දේ වනුයේ මෙම සුරතල් සතුන් නිසා ඔබට රාත්‍රියේ අඛණ්ඩ නින්දක් නොලැබී යා හැකිය.ඔබ සුරතල් සතුන්ට ආදරය වුවද , දෙදෙනාම ගේ අවකාශයෙන් පිට තබා ගැනීම දෙදෙනාටම උපකාරී වනු ඇත.

08) මත්පැන් දුම්වැටි වලින් වැලකීම.

Untitled 1 1

මත්පැන් ,දුම්වැටිවලින් සුවයක් සෙවීමට ඔබ උත්සහ කළ ද එයින් ලැබෙන ප්‍රතිඵල වලින් නම් ඔබට සහනයක් නොලැබුණු ඇත.මත්පැන් ජීරණය වීමට වැඩි කාලයක් ගත වනු ඇත.ඔබගේ නින්දට බාධා වීමට එම හේතුව ප්‍රමාණවත්ය.ඒ වගේම දුම්වැටි ඔබගේ නිදිමත ද නැතිකර දමයි. එයින් ඔබට ඔබගේ සුව නින්ද අහිමි වීම පමණි.

මත්පැන් දුම්වැටි වලින් වෑලකී සිටිමට අපහසු නම් අපව අමතන්න. අප ඔබට ඒ සදහා නායකත්ව වෑඩමුලුවකට සම්බන්ද කර දෙන්නම්… Motivation Speacher කෙනෙකු වන Yohan Senewirathna මහතා හරහා ඔබට එයින් මිදීමට හෑකිය… පවුල් ප්‍රශ්න වලින් මිදීමට සහ ඔබ ආදරනීය පුද්ගලයෙකු වීමට සහ රටට ආදරේ පුද්ගලයෙකු වීමට එම වෑඩමුලු සදහා ඔබට දරුවන් බිරිද සමගද සම්බන්ද විය හෑකිය. ඒ සදහා ඔබ කෑමතිනම් අප අමතන්න.. 0772675044

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top