ජංගම දුරකථන සමාගමක් වන ඇපල් සමාගම වැසීයාමේ අවදානමක්

ජංගම දුරකථන සමාගමක් වන ඇපල් සමාගම වැසීයාමේ අවදානමක්

ගෝලීයව බලාපෑම් එල්ල කළ කොවිඩ් වසංගතය මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් ලොව ප්‍රධානතම ජංගම දුරකථන සමාගමක් වන ඇපල් සමාගම වැසීයාමේ අවදානමක් නිර්මාණය වී තිබෙනවා.

මේ පිළිබඳ අනතුරු අඟවන අන්තර්ජාතික ව්‍යාපාරික පුවත් සේවා පවසන්නේ ලොව විශාලතම ඇපල් අයිෆෝන් (iPhone) නිෂ්පාදන කර්මාන්ත ශාලාව‍ෙහි සේවකයන් රැසකට කොවිඩ් වයිරසය ආසාදනය වීම නිසා එය මේ වනවිට වසා දමා ඇති බවයි.

මේ නිසා 2022 නොවැම්බර් මාසය සඳහා ඇපල් සමාගමේ විකුණුම් පෙර වසරට වඩා 11.4% කින් පහත වැටී ඇති බව වාර්තා වේ.

ගෝලීයව කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් පවතින අවධානය කෙමෙන් පහත වැටෙමින් පැවතියද කර්මාන්ත ශාලාවට වසංගතය දරුණු ලෙසම බලපෑ කාලසීමාව වන්නේ 2022 නොවැම්බරයයි.

ඇපැල් සමාගමේ නවතම නිෂ්පාදන සියල්ලම පාහේ එකලස් කරනු ලබන්නේ මෙම කර්මාන්ත ශාලාවේදීය.

අන්තර්ජාතික මූල්‍ය සේවා සපයන වාණිජ ආයතනයක් වන UBS පෙන්වාදී ඇත්තේ ඇපල් සමාගමේ නවතම දුරකථනය වන ‘iPhone-14 පරම්පරාව’ පෙර අපේක්ෂා කළ ඉලක්කවලට වඩා ඒකක මිලියන 16කින් අඩු විය හැකි බවයි.

මෙම තත්ත්වය නිසා, මේ වනවිට තායිවාන සමාගමේ වෙළෙඳාම් සියයට 2.4 කින් පහත වැටි තිබේ.

එසේම එළඹෙන නත්තල් සමයේ ලොව පුරා ඇපල් අයිෆෝන් මිලදී ගන්නා පාරිභෝගිකයන් ශීඝ්‍රයෙන් වෙනත් ජංගම දුරකථන මාදිලිවෙත යොමුවෙමින් තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top