දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට හේතුව අධිකරණ නිගමනය ?

dinesh shafter

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි කැඳවීම තම නිල මැදිරිය තුළ සිදුකිරීමට තීන්දු කළේ ඊට සම්බන්ධ පාර්ශවකරුවන් විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුව බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (23) විවෘත අධිකරණයේ සඳහන් කළාය.

අදාළ පරීක්ෂණය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු  ලැබූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය මේ බව කියා සිටියාය.

එම මරණයට අදාළව විවිධ තොරතුරු ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබෙන බැවින් මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම අප්‍රසිද්ධියේ සිදුකරන ලෙස මියගිය අයගේ පාර්ශවයෙන් ද ඉල්ලීමක් ලැබුණු බව මහෙස්ත්‍රාත්වරිය පැවසූවාය.

ඒ නිසා මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම සිය නිල කාමරය තුළ පැවැත්වීමට තීන්දු කළ බවත් ඇය කියා සිටියාය.

එමෙන්ම දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළ විමර්ශනවලට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබී තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරිය කියා සිටියාය.

එම මරණයට හේතුව අධිකරණය විසින් තවමත් නිගමනය කර නොමැති බවත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

ඉන් අනතුරුව මෙම මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී සිදුකෙරුණු අතර එහි දී මියගිය ෂාෆ්ටර් මහතාගේ සොහොයුරාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි.

වැඩිදුර සාක්ෂි විභාගය ලබන 08 වනදා දක්වා කල් තැබුණි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top