ලෝක කුසලානය මෙසී ප්‍රමුඛ ආජන්ටිනාවට

ලෝක-කුසලානය-මෙසී-ප්‍රමුඛ-ආජන්ටිනාවට-FIFA-FINALE-Highlights

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය.

ඒ අනුව පසුගිය ලෝක ශූර ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කරගැනීමට ආජන්ටිනාව සමත්වූ අතර ප්‍රංශයට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණි.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය වත්මන් ලෝක ශූර ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර කටාර්හී ලුසේල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.තරඟයේ  පළමු අර්ධය අවසානයේ ආර්ජන්ටිනාව 2 හා ප්‍රංශය 0 ලෙස ලකුණු පැවැතිණි.ආර්ජනා ක්‍රිඩකයින් වන Angel Di Maria හා Lionel Messi ගෝල දෙක වාර්තා කර තිබුණි. 23 හා 36 මිනිත්තු වලදී ගෝල වාර්තා විය.

දෙවන අර්ධය අවසානයේ වෙනසක් කිරීමට ප්‍රංශය සමත්වූ අතර ඒ අනුව kyline mappe 80 හා 81 මිනිත්තු වලදී ගෝල දෙකක් වාර්තා කර සම මට්ටමට ගෙන ආවේය. මේ නිසා මිනිත්තු 90 අවසානයේ දෙපිලම සමවීම නිසා අතිරේක කාලයක් ලබාදුණි.
අතිරේක කාලය අවසානයේ ගෝල 3-3ක් ලෙසද සම වූ අතර දඩුවම් පහර මගින් තරගයේ තීරණය වෙනස්වනවිට ආජන්ටිනාව ගෝල 4-3ක් ලෙස ප්‍රංශ කණ්ඩායම පරාජයට පත්කළේය.

තරගය ගෝල -3-3ක් ලෙස සම වනවිට ආජන්ටිනාව වෙනුවෙන් ලයනල් මෙසී ගෝල 2ක් සහ ප්‍රංශ කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක එම්බාපේ ගෝල 3ක් වාර්තා කර තිබිණි. දඩුවම් පහර මගින් ලෝක කුසලාන ජයක් තීරණය වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර මෙයට පෙර 2006 වසරේ දී සහ 1994 දී මෙවැනිම අවස්ථාවක් වාර්තා විය.

320524233 568925854566720 8556362031491770675 n

320686911 722126495949085 6620541239517370702 n
321090391 885635315967891 5161730206941107149 n
319893655 833431374390691 7039165466793925798 n
319548669 717328056659010 1758893575650677112 n
320630872 1301738903949820 5785990490408603993 n
319996769 3364969147120363 5346644824845764859 n
319093814 1296824021102730 4625586578262389944 n
320883998 1271353823709322 8704900793047843581 n
319830292 812289926740014 2531006475352969905 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top