හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ලේ වෙඩිතැබීමක්

හංවැල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් 48 හැවිරිදි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ති‌බේ.

ඔහු හංවැල්ල හරස් මාර්ගයේ පිහිටි අංක 09 ස්ථානයේ හෝටලයක් පවත්වාගෙන යන අයෙකු වන බව අප වාර්තාකරු පැවසීය.

රාත්‍රි 10.10ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වෙයි.

යතුරුපැදියෙන් පැමණි එක් පුද්ගලයෙකු හෝටලයේ දොරට තට්ටුකර පලමුව සිගරැට් ඉල්ලා ඇත.

ඉන්පසු යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා එක්වරම දොර විවෘත කර හෝටලය තුළට පැමිණ කැෂියර් එකේ සිටි හෝටලයේ හිම්කරුගෙ ⁣පපු ප්‍රදේශයට වෙඩි පහර 04ක් පමණ තබා පළාගොස් තිබේ.

වෙඩිතැබීම සිදුකරන ආකාරය CCTV කැමරාවකද සටහන්ව තිබුණි.

වෙඩිවැදීමෙන් තුවාල ලැබු හෝටලයේ හිමිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

එසේ මියගොස් ඇත්තේ, මොහොමඩ් ෆරුෂාන් යන පුද්ගලයෙකි. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර හංවැල්ල පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top