ගෝඨාභයගේ මිරිහාන නිවසේ වෙඩි තැබීමේ උත්සාහයක් | ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට…

gotabaya niwase

මිරිහාන ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් සැරයන්වරයකු ට ටී56 ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන එම සැරෙන්වරයා සමග ආරක්ෂක රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ එම ගිනි අවිය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

සැකකාර කොස්තාපල්වරයාට ගිනි අවිය සමග ජීව උණ්ඩ තිහක්ද නිකුත් කර තිබූ අතර එයින් එක උණ්ඩයක් අස්ථානගත වී ඇති නිසා එම උණ්ඩයට සිදු වූයේ කුමක් දැයි යන්න සොයා ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top