තාම අවුරුදු 20ක් වුනාට බිරිඳකගේ වගකීම ගන්න පරිණත භාවයක් මට තියෙනවා – Harshi Rasanga ( PHOTOS )

harshi rasanga

දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ලංවී කියන ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියලා කියන්නේ. ඒ වගේම ඇය ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඇය හදිසියේම විවාහ ගිවිස ගැනීම නිසා වගේම ඇය රංගනයෙන් ඈත් වෙලා වෙනත් රටක පන්දිංචියට යාමට සූදානම් වන නිසයි. 

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය හදිසියේම විවාහ වුණා කිවුවට මාස ගණනාවකට කලින් විවාහ වෙන්න ඕන කියලා තීරණය අරගෙන තිබුණා කියලයි ඇය කියන්නේ. 

කොහොම නමුත් විවාහ වෙනවා කියලා කලින් කිව්වාම අගයක් නැති නිසා ඒ ගැන කිසිම මාධ්‍යයකින් ප්‍රසිද්ධ කළේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට වයස අවුරුදු 20ක් වුණාට හැම දෙයක් ගැනම බුද්ධිමත්ව හිතන පරිණත භාවයක් ඇයට තියෙනවා කියලයි හර්ෂි කියන්නේ. 

ඒ නිසා විවාහ ජීවිතයක් පටන් ගන්න වයස ඇයට ප්‍රශ්නයක් නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ සැමියා තමයි මහේන් අනුරාධ. ඔහු දෝහාවල පදිංචි කෙනෙක්. ඒ වගේම කටාර් ගුවන් සේවයේ තමයි ඔහු රැකියාව කරන්නෙ. ඉතින් අහස ගැන ඇය ඉන්ස්ටග්‍රෑම් දාපු ඡායාරූපයකට මහේන් හරිම කලාත්මක අදහසක් පළ කරලා තිබුන නිසා ඒ අදහසත් එක්ක ඇයට හිතුණා ඔහු හරි ලස්සන හදවතක් තියෙන කෙනෙක් කියලා.

ඉතින් ඇයත් ඔහුගේ අදහසට ප්‍රතිචාර යොමුකරළා තමයිලු ආදර කතාව පටන් ගත්තෙ. ඒ වගේම ඉන්ස්ටග්‍රෑම්වලින් දැන අඳුරගෙන හම්බ වෙලා ආදර සම්බන්ධතාව පටන් ගත්තට පස්සේ ඔවුන් දෙන්නටම තේරුණාලු විවාහයකට යන්න තරම් හොඳ ශක්තිමත් බැඳීමක් ඔවුන් අතර තියනවා කියලා. 

කොහොම නමුත් ඇත්තටම බිරිඳක් වීම ලේසි පහසු කාර්යයක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම පවුල් ජීවිතය හොඳින් ගෙනියන්න නම් බිරිඳක් විදිහට ලොකු වගකීමක් දරන්න වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් හැමදේම කළමනාකරණය කරගෙන පවුල් ජීවිතය හොඳින් ගතකරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇයට තියෙන නිසා විවාහ වෙන්න තීරණය කළා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

250921707 395235282144203 5958232830105988445 n
315450126 537420325060837 936263362776346027 n
312575890 529705815832288 5759111953267206176 n
288439106 535893034745093 7963773859232914777 n
307672621 607598894241173 732789007138387880 n
297336444 569153561419040 4903951652748662983 n
295546110 563503301984066 4403295246248082366 n
295610275 563503245317405 4960624250958618854 n
295972725 562270742107322 60372212417332135 n
292254084 549606973373699 8542720703453205823 n
291789144 549606833373713 5787876810647031524 n
290796243 544356230565440 8909077540979217494 n
287872013 535887448078985 5545925171255555836 n
288225286 535887328078997 5844114921635297064 n
280011742 511901717144225 558562552138201819 n
279460559 508559694145094 2536465606382245644 n
279505894 508559660811764 15343669906049132 n
278995368 503391764661887 5579358688445929778 n
278690556 499319185069145 3125304142085085921 n
271746974 438754517792279 1992135186374728014 n
271736497 438754481125616 5612401163480924206 n
270391754 437109687956762 4822699013447558709 n
189291589 299940948340304 3322151647375088293 n
192779172 299940721673660 2107795141467940818 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top