ගීසාහි මහා පිරමිඩයේ සැඟවුණු කොරිඩෝවක් විද්‍යාඥයින් සොයා ගනී

pyramid of giza

වසර 4,500 ක් පැරණි ගීසාහි මහා පිරමීඩයේ ප්‍රධාන දොරටුව ආසන්නයේ මීටර් නවයක් (අඩි 30) දිග සැඟවුණු කොරිඩෝවක් සොයාගෙන ඇති බව අද (2) පළවූ රොයිටර් පුවත් වාර්තාවක දැක්වේ.
පිරමීඩය ආශ්‍රිත පර්යේෂණ කණ්ඩායම් දිගින් දිගටම සිදුකරන ස්කෑන් පරීක්ෂණ අතරතුර නව සොයාගැනීම සිදු කර තිබුන අතර ඒ බව දැනුම්දීමට විශේෂ ජාත්‍යන්තර මාධ්‍ය හමුවක්ද ඔවුන් පිරමීඩය ආසන්නයේ සිට පවත්වන ලදි.

නිම නොකළ කොරිඩෝව නිර්මාණය කර ඇත්තේ පිරමීඩයේ ප්‍රධාන දොරටුව වටා, මීටර 7ක් පමණ දුරින්ය. තවත් සොයා නොගත් කුටියක හෝ අවකාශයකට එය නැවත බෙදී යන බවක් හැඟෙන්නේ යයි ඊජිප්තුවේ පුරාවස්තු පිළිබඳ උත්තරීතර කවුන්සිලයේ ප්‍රධානී මොස්ටාෆා වසිරි පැවසීය.

“අපි අපගේ ස්කෑන් කිරීම දිගටම කරගෙන යන්නෙමු, එබැවින් අපට කළ හැක්කේ කුමක්දැයි ඉදිරියට අපි බලමු … ” ඔහු පැවසීය.
සොයාගැනීමේ ප්‍රගතිය යාවත්කාල කරන බවද ඔහු පැවසීය.

පුරාණ ලෝකයේ පුදුම හතෙන් අවසන් වරට තවමත් පවතින පිරමීඩය වන්නේ ගීසාහි මහා පිරමීඩ ත්‍රිත්වය වන අතර මෙම සොයාගැනීම කරඇත්තේ ඉන් එකකය.
 ස්කෑන් පිරමිඩ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද  මෙම පර්යේෂණ 2015 වසරේ සිට අධෝරක්ත තාප විද්‍යාව, ත්‍රිමාණ සමාකරණ සහ එන්ඩොස්කොප් ඇතුළු ස්ඵඨික වලට හානි නොවන තාක්‍ෂණයන් භාවිතා කරමින් ව්‍යුහය තුළට එබී බලමින් සිදු කරනු ලබයි.

මෙම මහා පිරමීඩය  සොහොන්ගැබක් ලෙස ඉදිකරන ලද්දේ ක්‍රි.පූ 2560 දී පමණ පාරාවෝ කුෆු හෙවත් චියෝප්ස්ගේ පාලන සමයේදීය. මීටර් 146 (අඩි 479) උසකට ඉදිකරන ලද එය 18 වන සියවස තෙක් මිනිසුන් විසින් සාදන ලද උසම ව්‍යුහය ලෙස වාර්තාවකට හිමිකම් කීවේය.

පිරමීඩයේ තවත් කොටසක රජුගේ සුසාන කුටිය උඩ කාමර පහක් ද ඉදිකර ඇති බව සැලකේ. පාරාවෝට සුසාන කුටි එකකට වඩා තිබිය හැකි බව වසිරි වැඩිදුරටත් පැවසීය.

විද්‍යාඥයන් විසින් රේඩාර් සහ අල්ට්‍රා සවුන්ඩ් භාවිතයෙන් කොරිඩෝව පවතින බව තහවුරු කර ඇති අතර, පිරමීඩයේ ගල්වල ඇති කුඩා සන්ධියක් හරහා ඡායාරූප ලබා ගැනීමට කටයුතු කර තිබුනේ ජපානයේ නිෂ්පාදිත මිලිමීටර් 6 ක ඝන එන්ඩොස්කොපයක් මගිනි.

tunnel 2
Tunnel 642x482 1
030223 ec pyramid inline1 648x450 1
030223 ec pyramid feat 1030x580 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top