‘කොවිඩ් 19’ ආවේ චීන පර්යේෂණාගාරයකින්

covid 19 born

‘කොවිඩ් 19’ නව කොරෝනා වයිරසය, අත්වැරදීමකින් චීනයේ පර්යේෂණාගාරයකින් කාන්දුවූවක් බව ඇමෙරිකන් බුද්ධි අංශ නිකුත් කළ නව වාර්තාවක දැක්වෙයි. මෙම වාර්තාව ඇසුරින් ඇමෙරිකාවේ ‘වෝල් ස්ටී්‍රට් ජර්නල්’ පුවත්පතේ වාර්තාවක් ද පළ වී තිබේ.

‘කොවිඩ් 19’ වයිරසය අද මර්දනය වී ඇති නමුත් එයින් එල්ල වන තර්ජනය තවමත් පහව ගොස් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසය සම්බන්ධයෙන් නිකුත් කළ හදිසි තත්ත්වය තවමත් ක්‍රියාත්මක බවය.

‘කොවිඩ් 19’ වයිරසයේ ආරම්භය සිදුවූයේ 2019 වසරේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. වූහාන් නගරයේ චීන හමුදාව සතු වයිරස පර්යේෂණාගාරයක් තිබේ. ‘කොවිඩ් 19’ වයිරසය කාන්දු වන්නට ඇත්තේ මෙම පර්යේෂණාගාරයෙන් යැයි ඇමෙරිකන් බුද්ධි අංශ පවසයි.

(රොයිටර්)

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top