IMF සහය ලැබුණත් නොලැබුණත් ආර්ථිකය ස්ථාවර කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

jblbjl

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.

කොළඹ පැවැති උත්සවයට එක්වෙමින් හිටපු මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මුල්‍ය අරමුදල ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ රාජ්‍ය මුල්‍ය එකඟතාවය පවත්වා ගැනීම අත්‍යාවශ්‍යය කරුණක් වන අතර ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ආදී නීතිමය සාධක මඟින් මුල්‍ය කළමනාකරණයට සහය විය යුතු බවයි.

ශ්‍රී ලංකා මහ බැංකු සංවර්ධන බැංකුවක් ලෙස නොසැලකිය යුතු අතර එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පාලකයන් වගබලා ගත යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලැබුණ ද නොලැබුණ ද ආර්ථිකය ස්ථාවර කිරීමට ක්‍රියා කළ යුතු බවයි හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ.

ඊට අමතරව මෙරට තුළ ක්‍රියාත්මක වන සහනාධාර වැඩපිළිවෙල ආර්ථික අර්බුධය වර්ධනය කිරීමට හේතුවක් වූ බවද ඔහු පවසනවා.

එම සහනාධාර වැඩපිළිවෙල සඳහා අධික මුදලක් වැය කිරීම හේතුවෙන් අයවැය හිඟය තවත් ඉහළ ගිය බවයි හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටයේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top