අරගලකරුවන් ජනපති මන්දිරයෙන් සොයාගත් ඒ සල්ලි ටික මට ඕනේ – ගෝඨාභය ඉල්ලලා

prasident palace money

අරගලකරුවන් විසින් කොළඹ ජනාධිපති මන්දිරයේ තිබී සොයාගෙන කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහස තමාගේ බවත් , එම මුදල් රටේ අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබූ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් ප්‍රකාශය අනුව අනාවරණය කර ඇතැයි , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉයේ (08) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට පෙන්වා දුන්නේය.

පසුගිය (2022) වසරේ ජුලි මාසයේ පැවති මහජන උද්ඝෝෂණවලදී රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් විසින් සොයාගත් මුදල් තම සේවාදායකයාට ලබාදෙන ලෙස හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරයා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා තියා ඇත්තේ නියෝගයක් නිකුත් කිරීමට පෙර එම මුදල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම අධිකරණයේ වගකීමක් බවයි.

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත සහ අල්ලස් පනත යටතේ එම මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ද හැකියාව ඇති බවත්, එබැවින් එය නිදහස් කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top