පවත්නා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි- අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

sisil premajantha

ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්ගේ ඉදිරි සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන අධ්‍යාපන නිපුණතා 10ක් පිළිබඳව සඳහන් වන නමුත් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වන විට එම නිපුණතා 10 අතරින් 3ක් පමණක් ඉතිරි වන තරම් තරගකාරී අධ්‍යාපන ක්‍රමයක අද දරුවන් සිරවී සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂය අන්තර්ගත නිපුණතා මෙම කාලය තුළ විෂය මාලාවෙන් කෙමෙන් ක්ෂයවෙමින් යාම හේතුවෙන් දරුවන්ගේ මොළයේ නිර්මාණාත්මක කොටස්වල වර්ධනය බාල වී එම විෂයන්ට පවතින අවධානය හීන වීමේ ප්‍රවණතාවක් පෙන්වන බැවින් දරුවන් රෝගීන් කරවන මෙම පවත්නා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව ඔහු පෙන්වා දෙන්නේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top