ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට විදුලි සංදේශන කුළුණු වලින් හානි සිදුවනවාද සොයාන්න විශේෂ කමිටුවක්

jayasri maha bodiya

අනුරාධපුරයේ පිහිටි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි සිදුවන බවට පළවන වාර්තා ගැන සොයා බලන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

අටමස්ථානාධිපති හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නිරන්ජන් ගුණවර්ධන, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය S. A. ක්‍රිෂ්ණරාජා, විදුලි සංදේශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් – H. රණතුංග සහ අනුරාධපුර දිසාපති  ජනක ජයසුන්දර ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ජනාධිපතිවරයා විසින් ඒ අනුව පත් කර ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top