ජනාධිපති මන්දිරය කොටුවෙන් ඉවත් කර කෝට්ටේට

kotuwa president house

පෙර සැලසුමකට අනුව ජනාධිපති මන්දිරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදී පැවසීය.

යෝජිත ‘උරුම චතුරශ්‍රය’(Heritage Square) කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටුවීමේ කටයුතු අනුව මේ දේවල් සිදු කරන්නට නියමිතය.

මෙම සැලැස්ම යටතේ ජනාධිපති මන්දිරය, විදේශ අමාත්‍යාංශය සහ පොලිස් මූලස්ථානය ඇතුළු ප්‍රධාන රාජ්‍ය කාර්යාල කිහිපයක් වෙනත් ස්ථානයකට ගෙන යන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

විදේශ අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන ඒම සඳහා විකල්ප ස්ථානයක් හඳුනාගෙන ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

අකුරේගොඩ පිහිටි හමුදා සංකීර්ණයේ ත්‍රිවිධ හමුදාව ස්ථාපිත කළ පසු කොටුවේ පිහිටි පොලිස් මූලස්ථානය කොළඹ 2 හි වත්මන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැඟිල්ලට ගෙන යන බව ඔහු පැවසීය.

ජනාධිපති මන්දිරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නැවත ඉදිකිරීමට විශාල මුදලක් වැය කරනු ඇත.පසුගිය අරගල සමයේ ජනතා ග්‍රහණයට ලක්වූ කොටුවේ ජනපති මන්දිරය කෝට්ටේට ගෙනගොස් වැඩි ආරක්ෂාවක් සහිතව ඉදිකරන්නට යෝජිතය.

‘උරුම චතුරශ්‍රය’ පිහිටුවීමෙන් පසු සංචාරක ආකර්ෂණයක් මෙන්ම විදේශ ආයෝජන ද ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි  ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top