ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද සිට 5,000ට ළංවන ලකුණු

litro gas price up

ඉහළ දමන ගෑස් මිල ගණන් පිළිබඳව අද දිනයේ දැනුම්දෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ගෑස් මිල ඉහළ දමන ප්‍රමාණයන් සම්බන්ධයෙන් අද උදෑසන පැවැත්වෙන මාධ්‍ය හමුවකදී දැනුම්දෙන බවයි. ඒ අනුව බොහෝදුරට එම නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.

ලෝක වෙළඳපලේ ගෑස් මිල ගණන් ඉහළ යාම හමුවේ කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1000කට ආසන්න මුදලකින් ඉහළ දැමිය යුතු වන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ දැමීමට නියමිත බවද ලිට්‍රෝ සමාගමේ ජේෂ්ඨ ප්‍රකාශකවරයා පැවසුවා.

ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුධමය වාතාවරණය බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේවනවිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4,409කටයි. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top