රහස් අමුද්‍රව්‍යක් ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම්වලින් සොයාගෙන…

liyanado davinchi

ලියනාඩෝ ඩාවින්චි, සැන්ඩ්‍රෝ බොටිසෙලි සහ රෙම්බ්‍රාන්ඩ් වැනි මාස්ටර්වරු ඔවුන්ගේ තෙල් සිතුවම් සඳහා ප්‍රෝටීන භාවිතා කර ඇති බව නව අධ්‍යයනයකින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එහිදී ප්‍රෝටීන සඳහා බිත්තර කහ මදය භාවිතා කර ඇති බවත් ඔවුන්ගේ සිතුවම්වලට බිත්තර කහ මදය එකතු කිරීම හේතුවෙන් දිගුකාලීනව සිතුවම් රැකගැනීමට හැකියාව ලැබුණු බවත් සඳහන් වේ.

ජර්මනියේ කාර්ල්ස්රුහේ තාක්ෂණ ආයතනයේ යාන්ත්‍රික ක්‍රියාවලි ඉංජිනේරු සහ යාන්ත්‍ර විද්‍යා ආයතනයේ අධ්‍යයන කතුවරයා වන ඔෆීලි රැන්කට් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ලිඛිත මූලාශ්‍ර ඉතා ස්වල්පයක් ඇති බවත් එම විෂය එතරම් ගැඹුරින් විමර්ශනය කිරීමට කිසිදු විද්‍යාත්මක කාර්යයක් සිදු කර නොමැති බවත් ය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top