මේ වසරේදී ජනතාව මතට රුපියල් බිලියන 922 ක වැඩිපුර බද්දක්

new tax 2023


2023 වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් සමාගම් ආදායම් බද්ද මගින් ලබාගැනීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම මුදල රුපියල් බිලියන 603 ක්. එමෙන්ම එකතු කළ අගය මත බද්ද එනම් වැට් බදු මගින් රුපියල් බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.

2022 වසරේ එකතු කරන ලද සමස්ථ බදු ප්‍රමාණය රුපියල් බිලියන 860 කට ආසන්නයි. 2023 වසර සදහා අයකර ගැනීමට අපේක්ෂිත සමස්ථ බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,667ක් පමණ වනවා.

ඒ අනුව ඉකුත් වසරට සාපේක්ෂව රුපියල් බිලියන 922 කට ආසන්න බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.

2023 වසර සදහා බදු අයකර ගැනීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැදවා තිබූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top