නිවුන් සොයුරිය සොයා ගුරුවරියක් රට වටේම යයි – තොරතුරු දන්නේ නම් දැන්ම අමතන්න (PHOTOS)

niwun soyuriya

නිවුන් සොයුරියන් ලෙසින් එකට ඉපදී කුඩා කල වෙන්වූ බව කියන තම සොයුරිය සොයා ගුරුවරියක රට වටා ඇවිදින ගමනේදි මිහින්තලා නගරයේ දී හමු වූ පුවතක් මිහින්තලා පුද බිමෙන් වාර්තා විය.

මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි අනුරාධා මහවෙලගේ (40) නැමැති අවිවාහක විද්‍යා ගුරුවරියකි.

මොවුන්ගේ මවත්, පියත් කුඩා කාලයේ දී මියගිය බව පවසන ඇය මානෙල් නමින් තවත් සොයුරියක් සිටින බව කියා සිටියාය. එම සහෝදරිය වෙනත් කෙනකුට හදා ගැනීමට ලබාදුන් බවත්,එකල මාපියන් පැවසූ නමුත් ,මාගේ අනෙක් වැඩිමහලූ සොයුරන් දෙදෙනාගෙන් ඒ පිළිබඳව විමසූ නමුත්,ඔවුන් කිසිවක් අනාවරණය නොකරන බවද කියා සිටියාය.

මෙම පුවත කන වැකුණු මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් කියා සිටියේ ,එම කාන්තාවගේ ඡායාරූපයක් තිබේ නම් මෙම පුද බිම තුළ ප්‍රදර්ශනය කිරීම වරදක් නොවන බවයි .

ඒ සඳහා ඇයට විහාරාධිපති හිමියන් උපකාර කරන ලදී . මානෙල් මහවෙලගේ නැමැති නිවුන් සොයුරිය මිහින්තලයේ රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙසින් සේවය කරන බවට ඇය කීවත් රජරට විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය සේන නානායක්කාර මහතාගෙන් කළ විමසීමක දී කියා සිටියේ, එවැනි කෙනෙක් ගැන මතකයේ නැති බවයි.

මේ සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නමිි 076- 7584969 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඇය කාරුණිකව ඉල්ලා සිටියාය. (උපුල් හේරත් – ලංකාදීප)

23 63ce98092a106
23 63ce98095c8e1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top