දයාසිරි ජයසේකරගේ අත්සන හොරෙන් ගහලා

dayasiri jayasekara athsana

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතයට ගෙන මෙවර මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර ඇති පුවතක් අප වෙත වාර්තා විය.

තොරතුරු වාර්තාවන්නේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සඳහා තරග කරන අපේක්ෂකයෙකු මෙලෙස ඒ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිත කරමින් නාමයෝජනා භාරදී ඇති බවය.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපකළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අද (24) දිනයේදී අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් සිදුකරන බවය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top