නිදහස් වේදිකාව රූගත කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

mandra

75 වන නිදහස් උත්සවය වෙනුවෙන් ගාලුමුවදොර ඉදිකරමින් පවතින වේදිකාව ඇතුළු ස්ථාන ඡායාරූප ගත කරමින් සිටි අරගල ක්‍රියාකාරීන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා පසුගිය 30 වනදා රාත්‍රී 08ට පමණ එම ස්ථානයේ අනවසරයෙන් ඡායාරූප ගත කරමින් සිටියදී එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් අත්අඩංගුවට කොටුව පොලීසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ හා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඔවුන් පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top