පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලබන සතියේ සිට දේශබන්දු තෙන්නකෝන්…

policepathi deshabandu thennakoon

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (16 වැනිදා) මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.
ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මේ බව දැනුම් දී තිබෙන අතර, නිල නොවන මට්ටමින් මේ පිළිබඳ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට සහ දේශබන්දු තෙන්නකෝන් වෙත ද දැනුම් දී තිබේ. වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මෙම මස 23 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට  නියමිතය.

1998 ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා  2019  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූවේය.
2019 වර්ෂයේ අග භාගයේ සිට මේ දක්වා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කරමින් සිටියේය.
වසර 25 ක සේවා අත්දැකීම් ඇති ඒ මහතා තම සේවා කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි රාජකාරි කර ඇති අයෙකි.

විශේෂයෙන්ම 2020 වර්ෂයේ  COVID-19 වසංගතය හමුවේ සිදුවූ පොලිස් ක්‍රියාකාරකම් වලට විශේෂ පැසසුමට ලක්විය.

පාතාල සහ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් නිසාද ඔහු ප්‍රසිද්ධියට පත්විය.
2022 වර්ෂයේ අප්‍රේල් මස අරගල භුමිය සහ ඊට සම්බන්ධිත විරෝධතා උද්ඝෝෂණ මර්දනය නිසා ප්‍රසිද්ධියක් ඉසිලීය.
දේශබන්දු තෙන්නකෝන්  “Security eye” නැමති ව්‍යාපෘතිය,“කොස් උයන් ව්‍යාපෘතිය”,“සාම චෛත්‍යය ඉදිකිරීම”,“යාත්‍රාව, සවිය” වැනි මත් පුනරුත්ථාපන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

Source

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top