ඩිරෙක්ට් මාර්කටිං, නෙට්වර්ක් මාර්කටිං නීති දැඩි කරයි…

direct marketing and network marketing new law

පාරිභෝගිකයාගේ ආරක්ෂාව සඳහා, යම් සෘජු විකුණුම්කාර වෙළෙන්ඳෙකු විසින් පහත නිශ්චිතව දක්වා ඇති භාණ්ඩ, සාකච්ඡා කිරීම හෝ ආදර්ශනය කිරීම මගින් විකිණීම සඳහා අර්පණය කිරීමට, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීමට, විකිණීම සඳහා ප්‍රචාරණය කිරීමට, විකිණීම සඳහා ප්‍රවර්ධනය කිරීමට හෝ විකිණීම සඳහා ඇණවුම් භාරගැනීමට හෝ භාණ්ඩ විකිණීමට එකී සෘජු විකුණුම්කාර වෙළෙන්ඳාගේ ලියාපදිංචි ලිපිනය පදනම් කරගත්, අවස්ථාචෝචිත පරිදි, ව්‍යාපාර නාම ලියාපදිංචි අංකය හෝ සමාගම් ලියාපදිංචි අංකය ඉදිරිපත් කර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වෙළෙන්ඳෙකු වශයෙන් ලියාපදිංචි විය යුතු බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති, ශාන්ත නිරිඇල්ල මහතා පවසයි.

අදාළ භාණ්ඩ වනුයේ,

1. සූර්යබල ආලෝක පද්ධති

2. දුරකතන සහ උපාංග

3. ගෘහභාණ්ඩ

4. පිරිසිදුකාරක

5. සපත්තු

6. ලිපිද්‍රව්‍ය

7. මුළුතැන්ගෙයි උපකරණ සහ උපාංග

8. ඇඳ ඇතිරිලි සහ මෙට්ට

9. නිමි ඇඳුම්

පසුගිය දා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක මේ බව සඳහන් වේ.

එසේම ඉහත කාර්යයන් හි නිරත ජාල අලෙවිකරණයෙහි නිරත වන සමාගමක් හෝ අස්ථිත්වයක් විසින් පදිංචි ස්ථානයේ ලිපිනය පදනම් කරගනිමින්, අවස්ථාවෝචිත පරිදි, එකී වෙළෙන්ඳාගේ ව්‍යාපාර නාම ලියාපදිංචි අංකය හෝ සමාගම් ලියාපදිංචි අංකය ඉදිරිපත් කරමින්, රු. විසිපන්දහසක වාර්ෂික ගාස්තුවක් ගෙවීම මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වෙළෙන්දෙකු වශයෙන් ලියාපදිංචි විය යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

1
2
3
4
5
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top