ඇමරිකාවේ Silicon valley බැංකුව කඩා වැටෙයි. SriLankaට ඇති බලපැම කෙසෙද..?

svb

එක්සත් ජනපදයේ කැලිෆෝනියා නුවර මූලස්ථානය කරගත් සිලිකන් වැලි බැන්ක් Silicon Valley Bank (SVB) බැංකුවේ ගනුදෙනු සියල්ල අත්හිටුවමින් එය වසා දැමීමට කැලිෆෝනියාහි මූල්‍ය ආරක්ෂණ සහ නවෝත්පාදන දෙපාර්තමේන්තුවේ බලධාරීන් පියවර ගත් බව වාර්තා වෙයි. පසුගිය සිකුරාදා මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව එම දෙපාර්තමේන්තුව බැංකුවෙහි පාලනය භාර ගැනීම සිදුවිය. එසේම එහි තැන්පත්කරුවන් පිළිබඳ කටයුතු කිරීම එරට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව (FDIC) වෙත භාරදී තිබේ. මෙම Silicon Valley Bank බැංකුව එරට තාක්ෂණික ආරම්භක සමාගම්හි මූල්‍ය කටයුතු වෙනුවෙන් ස්ථාපිත කෙරුණු බැංකුවකි. එහි ප්‍රධාන කාර්යාලය කැලිෆෝනියාහි සැන්ටා ක්ලාරාහි පිහිටි අතර, කැලිෆෝනියා සහ මැසචුසෙට්ස්හි ශාඛා 17ක් පිහිටා තිබේ.

ගතවුණු කාලසීමාවේදී තාක්ෂණික සමාගම්හි කොටස් වටිනාකම් දරුණු ලෙස පහත වැටීම මෙන්ම උද්ධමනය පාලනය සදහා  එරට ෆෙඩරල් සංචිත බැංකුව මගින් අධික ලෙස ඉහළ දැමූ පොලී අනුපාත හේතුවෙන් ඇති වූ ද්‍රවශීලතා අර්බුදය මෙලෙස SVB බැංකු කඩා වැටීමට හේතුව ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව, ලෝක ආර්ථික අවපාතය ඇති වූ 2008 වසරෙන් පසුව එක්සත් ජනපදයේ බැංකුවක් මුහුණ දුන් දරුණුම අවස්ථාව මෙය ලෙසද සැලකෙයි. මේ අතර, අර්බුදය ඇතිවිම සදහා ආසන්නතම හේතුව ලෙස, ලොව ණය වර්ගීකරණ ආයතනයක් වන Moody’s Investors ආයතනය මගින් පසුගිය සතියේ මැදදී එම බැංකුව හිමි මව් සමාගම වන SVB Financial Group සම්බන්ධයෙන් නිකුත් කළ පුවත සටහන්ව ඇතැයිද මාධ්‍ය සඳහන් කරයි. එහිදී එම බැංකුව සතු ද්‍රවශීලතා අර්බුදයත් සමග එහි ණය වර්ගීකරණය පහත හෙළන බවට Moody’s ආයතනය අනාවරණය කෙරී තිබුණි.

මෙම අර්බුදයට ලක්වන අවස්ථාව වනවිට එම බැංකුව සතුව එක්සත් ජනපද ඩොලර් බිලියන 175ක පමණ තැන්පතුවක් තිබූ බව පැවසෙයි. එසේම එය එරට තුළ 16 වැනියට විශාලතම බැංකු තැන්පතුව ලෙසින්ද සැලකෙයි. එම බැංකුව සතු වත්කම් ප්‍රමාණයේ වටිනාකම ඩොලර් බිලියන 209කි. මේ තත්ත්වයත් සමග Silicon  Valley Bank බැංකුවෙහි තැන්පත්කරුවන් සිය තැන්පතු ආපසු ලබාගැනීම සඳහා පසුගිය සිකුරාදා දිනයේදී බැංකුව ඉදිරිපිට දිගු පෝලිම් ගැසීමක්ද සිදුවිය. එසේම මෙම සිදුවීමත් සමගින්ම අද වනවිට එක්සත් ජනපදයේ සමස්ත බැංකු පද්ධතිය සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණි.

කෙසේ වෙතත්, එම තත්ත්වය මගහැරවීම සඳහා බැංකුව විසින් තමන් සතුව තිබූ ඩොලර් බිලියන 20ක් පමණ වටිනා අඩු ඵලදායිතාවක් සහ බැදුම්කර අලෙවි කිරීමටත්, එම මුදල් වෙනත් වැඩි ප්‍රතිලාභයක් හිමිවන තැන්වල තැන්පත් කිරීමටත් පියවර ගෙන තිබේ. එහෙත් මේ කටයුතු සිදුවන අවස්ථාවේදීම එම බැංකුවෙහි තැන්පතු ඇති ප්‍රාථමික තාක්ෂණික ආරම්භක සමාගම් සිය තැන්පතු ඉන් ඉවත් කිරීමට පටන් ගෙන තිබී ඇත. ඒ අනුව, සිකුරාදා දිනය වනවිට එම බැංකුව කඩාවැටීමේ ලකුණු ආරම්භ වූ අතර, තත්ත්වය පාලනය වෙනුවෙන් නියාමකයන් මෙලෙස බැංකුවේ තැන්පතු තමන් යටතට පත්කර ගෙන තිබේ. කෙසේ වෙතත්, SVB බැංකුවෙහි තැන්පත්කරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කරන බව  කැලිෆෝනියාහි මූල්‍ය ආරක්ෂණ සහ නවෝත්පාදන දෙපාර්තමේන්තුව පවසා තිබේ. එහිදී තැන්පතු රක්ෂණය යොදාගැනීම සැලසුම වී ඇත.

ඒ අනුව, මෙම ක්‍රමවේදය යටතේ එක්සත් ජනපද ඩොලර් 250,000ක් දක්වා වන තැන්පත්කරුවන් සඳහා එම තැන්පතු මුදල් ආපසු ගෙවීමට කටයුතු කරන බව බලධාරීන් පවසයි. මෙහිදී එම වටිනාකම් හා සමානව මුදල් තැන්පත් කර ඇති පිරිසට අද (13දා) පෙරවරුවේදී එම මුදල් ලබා ගැනීමේ අවස්ථාවක් ඇතැයි බලධාරීන් සදහන් කර තිබේ. මේ කටයුතු සදහා බැංකුවෙහි ශාඛා සියල්ලම අද දිනයේදී විවෘත කෙරෙන බව ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව පවසා තිබේ.

එසේම, බැංකුව සතුව ඇති වත්කම් අලෙවි කිරීම හරහා ලැබෙන මුදල් අදාළ රක්ෂණයට ඇතුළත් නොවූ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම සදහා යොදවා ගන්නා බවත් ඔවුන් අවධාරණය කර තිබේ.  මේ අතර අදාළ කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් ඉදිරි දින 45ක කාලයක් දිනකට දැනට ලැබෙන වැටුප මෙන් 1.5ක වැටුපකට රාජකාරි කරන ලෙස ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව එම බැංකුවෙහි සේවකයන් වෙත පවසා ඇතැයිද සඳහන් වෙයි. පසුගිය වසර අවසන් වනවිට එම බැංකුව තුළ සේවකයෝ 8,528ක් සේවය කළ බව පැවසෙයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top