අද පාර්ලිමේන්තුවට මුලු රටේම අවධානය යොමුවෙයි.. සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE)

maxresdefault

ලබන වසර සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, පසුගිය 14 වන දායි.

ඒ අනුව දින 7ක් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව යි අද පස්වරුවේ ඡන්ද විමසීම සිදු කරනු ලබන්නේ.

අනතුරුව අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට සිට දෙසැම්බර් මස 8 වනදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.

මේ අතර අද පැවැත්වෙන ඡන්ද විමසීමේ දී අයවැයට විරුද්ධය ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය තීරණය කර තිබේ.

ඒ එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ රැස්වූ අවස්ථාවේ දී යි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද තීරණය කර ඇත්තේ අයවැයට විරුද්ධව ඡන්දය ලබා දීමට යි.

අද පැවැත්වෙන් ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය ද ඊට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන නිදහස ජනතා සභාවද අද පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය අද පෙරවරුවේ රැස්වී ඒ පිළිබඳ තීන්දුවක් ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අයැවයට කොන්දේසි විරහිත ව සහය පළකරන බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top