අල්කයිඩාට මුදල් දුන් ලංකාවේ කෝටිපතියා හෙළිවෙයි

AlQaeda

ශ්‍රී ලංකාවේ මැණික් ඔස්‌ට්‍රේලියාවට සහ බ්‍රසීලයට විකුණා අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට අරමුදල් ලබාදුන්නේ ලුක්මාන් අහමද් නමැති කෝටිපති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා බව බ්‍රිතාන්‍යයේ ‘කහරොන්’ නමැති ජගත් ආරක්ෂක බුද්ධි ආයතනය අනාවරණය කර ඇත.

අල්කයිඩා සංවිධානයට ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නා වූ මොහු ඔස්‌ට්‍රේලියානු පෙඩරල් පොලිසිය අත්අඩංගුවට ගත් බව එහි ප්‍රධානී මවුෂ් සැන්ට්‍රිව් ප්‍රකාශ කර තිබේ.

මෙම කහරොන් ආයතනය තවදුරටත් හෙළි කළේ රයිට් ජෙම්ස් නමැති ශ්‍රී ලංකාවේ මැණික් අපනයන සමාගම සහ බ්‍රසීලයේ ඔටෝමන් කැරවැන් සමාගම්වල හිමිකරු වූ අහමද් වරකට ඩොලර් ලක්ෂය දක්වා අරමුදල් අල්කයිදා සංවිධානයට ලබාදී ඇති බවයි. මෙකී තොරතුරු වසන් වී තිබිණි. අල්කයිදා සංවිධානයට එලෙස අරමුදල් සැපයූ බ්‍රසීල සමාගමේ කළමනාකරු කයිස් අල්මාබා බ්‍රසිල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. අල්මාබා නමැත්තා අහ්මද්ගේ සගයෙකි. මේ අතර ඇමරිකානු බලධාරීන් ලුක්මාන් අහ්මද්ට සම්බාධක පනවා ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top