අලුත් පනතක් නිසා ගෝඨාභයට අමෙරිකාවේ දොරවල් වැසෙන ලකුණු?

Joe Biden Gota 696x392 1

ලෝකයේ ඕනෑම තැනක සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සිටින පුද්ගලයන්ට චෝදනා එල්ල වුවහොත් ජාතිකත්වය නොසලකා නඩු පැවරීමට එක්සත් ජනපද අධිකරාන දෙපාර්තමේන්තුවට අධිකරණය ලබාදෙමින් ඓතිහාසික “යුද අපරාධවල වින්දිතයින් සඳහා වූ යුක්තිය” පනතට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කර තිබෙනවා.

ශක්තිමත් ද්විපාර්ශවික සහාය ඇතිව සම්මත කළ මේ නීතිය එක්සත් ජනපද මිත්‍ර පාක්ෂිකයන් සහ ජිනීවා සම්මුතීන් සමඟ වඩා හොඳින් සකසා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන් එක්සත් ජනපදයට පැමිණියහොත් ලෝකයේ ඕනෑම ප්‍රදේශයක යුද අපරාධවලට වගකිව යුතු පුද්ගලයන් සේ සලකා නඩු පැවරීමට මෙම නව පනත හරහා හැකියාව ලැබෙනවා.

මෙම නව පනත හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාටද යුද අපරාධ චෝදනා එල්ල වී ඇති අතර මෙම තත්ත්වය යටතේ අමෙරිකාවට ඇතුළු වුවහොත් අවශ්‍ය ඕනෑම වෙලාවක ඔහුට එරෙහිව නඩු පැවරීමට හැකියාව හිමි වෙනවා.

cfv
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top