කතරගම දේවාලයේ පඬුරු වලට මොකද වෙන්නේ

කතරගම දේවාලයේ පඬුරු වලට මොකද වෙන්නේ

බැතිමතුන් පූජා කරන පඬුරුවලින් රුපියලක් හෝ දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් නොලැබෙන බවට කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා කළ චෝදනාවට කපුමහත්වරු පිළිතුරු ලබා දී තිබේ.

රුහුණු මහා කතරගම දේවාලයේ ඉල් මහා පෙරහැර ලබන දෙසැම්බර් මස 07වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර ඊට අදාළ සාකච්ඡාවක් පසුගියදා රුහුණු මහා කතරගම දේවාලයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විය.

එහිදි අදහස් දක්වමින් බස්නායක නිළමේවරයා චෝදනා කළේ, එම පඬුරු සියල්ල කපුමහතුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගන්නා බවටය.

“බැතිමතුන්ගෙන් ලැබෙන පූජා වට්ටියේ තිබෙන පඬුරු මුදුල් කපුමහත්වරු ඔවුන්ගේ පෞද්ගලික පරිහරණයට යොදාගන්නවා. දේවාලයට ලබාදෙන රත්‍රං ඇතුළු පූජා භාණ්ඩත් දේවාලයේ ප්‍රධාන කර්යාලයෙන් රිසිට් පතක් කැඩුවේ නැත්නම් එකත කපුමහත්වරු ගෙදර ගෙනියනවා.”

ඊට ප්‍රතිචාර දක්වමින් කපුමහත්වරු සඳහන් කළේ, මාස්පතා දේවාලයේ වැඩිදියුණුව සඳහා මුදල් ලබාදෙන බවය.

එහිදී අදහස් දැක්වූ රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුදූර සොමිපාල ටී. රත්නායක මහතා,

“පූජා වට්ටියක් බැතිමතෙක් දෙනකොට බැතිමතා දෙනවා තුටු පඬුරක්. ඒ පඬුර අයිති අපට. අනිත් ගේන එකක්වත් අපිට ලැබෙන්නේ නෑ. අපි මේ වංචාකර මුදල් ගන්නා මිනිස්සු නෙමෙයි. තුටු පඬුරක් බැතිමතෙක් දෙන එකක් විතරයි අපි ගන්නේ.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුහුණු මහා කතරගම දේවාලයේ ආනන්ද ටී රත්නායක කපුමහතා පැවසුවේ, පසුගිය මාසයේද රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දුන් බවය.

“කපු මහත්වරු මාස් පතා දෙනවා ලක්ෂ 20 බැගින් ප්‍රධාන කපු මහත්තයා ලක්ෂ 35ක් දෙනවා. ඒ අරන් ගිහින් මොනවා කරනවාද කියන්න අපි දන්නේ නෑ. සැප්තැම්බර් මාසේ ලක්ෂ 20ක් ගෙව්වා.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top