බ්ලුම්බර්ග් වෙබ් අඩවියෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක් නිකුත් කරයි

දැඩි මුල්‍ය ප්‍රතිපත්ති හා ආසියාවේ වේගවත්ම උද්ධමනය මඟින් ආර්ථික තවදුරටත් අඩපණ කිරීම වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇඳ වැටීමට ඉඩ ඇති බව බ්ලුම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරනවා.

එම වෙබ් අඩවිය මෙම අනතුරු ඇඟවීමේ වාර්තාව (15) නිකුත් කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ 2021 වර්ෂයට සාපේක්ෂව මේ වසරේ ජුලි සහ සැප්තැම්බර් අතර කාලයේ රටේ ආර්ථිකය 10%කින් පමණ හැකිළී ඇති බවයි.

අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ 8.4%කින් පමණ මෙරට ආර්ථිකය හැකිළී ඇති බව එම වාර්තාවේ සඳහන් වනවා.

ඉහළ උද්ධමනය දුර්වල විශ්වසනීයත්වයත් නිසා ඉල්ලුම තවදුරටත් පහත වැටී ඇති බවයි දකුණු ආසියාව පිළිබඳ බ්ලූම්බර්ග් අර්ථ ශාස්ත්‍රඥ, අන්කූර් ශුක්ලා මහතා එම වාර්තාවේ පෙන්වා දෙන්නේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top