මගේ පළමු චිත්‍රපටයම සජිත වගේ හොඳ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුනේ මගේ වාසනාවට-Dinara Punchihewa , PHOTOS

move

මේ දිනවල රිදී තිරය ඔස්සේ දිග හැරෙන ‘ගාඩි’ චිත්‍රපටයේ ටිකිරිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඩිනාරා පුංචිහේවා කියලා කියන්නේ.  

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය පුංචි කාලේ ඉඳන්ම ආස කළේ රංගන ශිල්පිනියක් වෙන්න කියලයි ඩිනාරා නම් කියන්නේ. 

ඒ නිසා පාසලේදි සහ විශ්වවිද්‍යාලයේදීත් ඇය හැදෑරලා තියෙන්නේ නාට්‍යය හා රංග කලාව. කොහොම නමුත් ඇය ගාඩි චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ ජනප්‍රිය නළු සජිත අනුත්තර සමඟයි. ඉතින් සජිත කියන්නෙ රංගනය මැනවින් අවබෝධ කරගත් කෙනෙක් කියලයි ඇය කියන්නේ.  

ඒ වගේම ඔහුට තියෙන සිනමාව ගැන අත්දැකීම් නිසාම නවක නිළියක් හැටියට ඇයගේ රංගනය සාර්ථකයි කියලා කෙනෙක් කියනවා නම් එහි ගෞරවය සජිතටත් හිමිවෙන්න ඕනේ කියලත් ඇය කියනවා. ඒත් එක්කම සජිත කියන්නෙ දැන් ඇයගේ හොඳ යාළුවෙක් නිසා හරිම සැහැල්ලුවෙන් විනෝදයෙන් වැඩ කරන්න පුළුවන් වුණා කියලත් ඇය කියනවා. 

   ඉතින් ඇය සතුටු වෙනවාලු ඇයගේ පළමුවැනි චිත්‍රපටයේ සජිත වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුණු එක ගැන. ඉතින් ඒ වගේම මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් අධ්‍යක්ෂණය කළ ‘සහෝ’ චිත්‍රපටය සහ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘ආසු’ සහ ‘Peacock Lement’ ඉදිරියේදී චිත්‍රපට එන්න තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට සිනමාව වෘත්තීමය ජීවිතේ කර ගන්න ඉස්සර ඉදන්ම ලොකු ආසාවක් තිබ්බා කියලත් ඇය කියනවා.  

නමුත් රටේ පවතින තත්ත්වය නිසාත් ඇය දැනට ජාත්‍යන්තර පාසලක රංගනය උගන්වන ගුරුවරියක් විදියට සේවය කරනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය කැමති ඇයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් චරිත තෝරාගෙන කරන්නලු. ඉතින් ඇයගේ සැමියා ගුවන් නියමුවෙක් වුනත් ඔවුන් දෙන්නට දෙන්නා ඔවුන්ගේ රැකියාවන් ගැන හොඳ අවබෝධයකින් ඉන්න නිසා ඇයගේ කලා කටයුතුවලට ඔහු ඇයට උපරිම සහයෝගය ලබා දෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

275755657 839501483558003 3336688295115713497 n
32308821 10156047129452798 1002641140085686272 n
311292945 467314395418749 364475883239574450 n
276136260 956424695236008 2907459880654330312 n
323414632 1229148601292605 3480230506581456192 n
326571218 723240846133251 3954976253139522804 n
326457550 568397261971182 4000938761620053468 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top