මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..

download 1 1

මත්පැන් බෝතල් සදහා අලවනු ලබන ස්ටිකර් වෙනුවට ව්‍යාජ ස්ටිකර් වෙළදපොලේ නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින්.

මන්ත්‍රීවරයා සදහන් කළේ, මෙම ව්‍යාජ ස්ටිකර් හේතුවෙන් ආණ්ඩුවට ලැබිය යුතු සුරාබදු ආදායම අහිමි වෙමින් ඇති බවයි.

ව්‍යාජ ස්ටිකර් තොගයක් වෙළදපොලේ තිබී මීට පෙර සොයාගත් බවත් ඊට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගත් බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජී ගුණසිරි මහතා පැවසුවා.

ව්‍යාජ ස්ටිකර් හදුනා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කර ඇති බවත් ඒවා පරීක්ෂා කිරීමට අදාළ උපකරණ ලබා දී ඇති බවත් කිසිදු ව්‍යාජ ස්ටිකරයක් මේ වන විට වෙළදපොළේ නොමැති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top