ලංකාවේ කෙල්ලෙක් බැන්ඳ තලපති විජේයි ඩිවෝස් වෙන්න යනවද? තලපති විජේයිගේ ලංකාවේ බිරිද මෙන්න. කොලිවුඩය කැළඹූ අලුත්ම ආරංචිය මෙන්න. (PHOTOS)

Rashmika Mandanna Thalapathy 6 0

දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ සහ ඔහුගේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බිරිඳ සංගීතා විවාහ වී වසර 23කට ආසන්නයි.

විවිධ වාර්තාවලට අනුව විජය සහ සංගීතා දික්කසාද වීමට යන බව පැවසෙන අතර, චිත්‍රපට නිෂ්පාදක ඇට්ලිගේ බිරිඳගේ ළදරු ෂෝවර් උත්සවයට සංගීතා නොපැමිණීමත් සමඟ කටකතා සනාත කිරීමට බොහෝ දෙනා මේ වන විට පෙළඹී තිබෙනවා.

මෑතකදී, තලපති විජේ ඔහුගේ බොහෝ අපේක්ෂිත වරිසු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කළ අතර, එළිදැක්වීමේ උත්සවයට ද සංගීතා පැමිණ නැහැ.

සාමාන්‍යයෙන් ඔහුගේ චිත්‍රපට එළිදැක්වීමේ උත්සවයන්ට සංගීතා මින් පෙර අනිවාර්යෙන්ම සහභාගී වූවත්, මේ නොපැමිණීම බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.

විජේයි තවමත් කටකතා සනාථ කර හෝ ප්‍රතික්ෂේප කර නොමැති අතර, පවුලේ ආරංචි මාර්ග වලට අනුවනම් මේ කටකතා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි පැවසෙන්නෙ.

සංගීතා මේ වන විට දරුවන් සමඟ නිවාඩුවක් ගත කරන බවත්, ඒ නිසාම වරිසුහි පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවයට ඇය නොපැමිණි බවත් පවුලේ සමීපතමයෙක් පවසා තිබෙනවා.

තලපති විජේ ඉක්මනින්ම පොංගල් මාසයේ නිකුත් වන Vamshi Paidipally ගේ Varisu චිත්‍රපටයේ දැකගත හැකි වනු ඇති අතර, චිත්‍රපටයේ රශ්මිකා මන්දන්න ද රංගනයෙන් දායක වනවා.

 Vamshi Paidipally විසින් අධ්‍යක්ෂණය කරන ලද, Varisu යනු 2023 ජනවාරි 12 නිකුත් කිරීමට නියමිත ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්.

– Mmp Ranaweera – (භාරත සිනමා රසික සංසදය)

23 63bbf046af9c4
23 63bbf046f2951
23 63bbf04735a2e
1138034 thalapathy vijay wife
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top