රියදුරාට මාරාන්තික විය හැකි, මෙරට තුළ ධාවනය වන වාහන වල “AIRBAG” ගැන එළියට ආ භයානක අනාවරණය | මෝටර් රථ කාණ්ඩ හා මාදිලි 47ක් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක දෝෂ | ඔබගේ වාහනයෙත්?

airbags

විවිධ නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලුන ක්‍රියාකාරීත්වය අනාරක්ෂිත යැයි හෙළිදරව් වූ මෙරට තුළ ධාවනයේ යෙදෙන මෝටර් රථ ඛාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් ඇතිබව අනාරවණය වී තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ, අවදානම් කාණ්ඩයේ පවතින වාහන ඒජන්ත සමාගම් සමඟ සාකච්ඡා කර හිමිකරුවන් හරහා එම වාහන යළි කැඳවීමට පියවර ගනිමින් සිටින බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ, වායු බැලුන ක්‍රියාකාරිත්වය රියදුරාට මාරාන්තික විය හැකි වර්ගයේ මෝටර් රථ සහ ජීප් රථ මෙරට මාර්ග පද්ධතිය තුළ ධාවනය වන බවයි. නිෂ්පාදන දෝෂ සහිත එම කාණ්ඩයන්ට අයත් වාහන ලෝකයේ සෙසු රටවල ආපසු කැඳවා ඒවායේ වායු බැලුන යළි සකස් කර ඇතත් මෙරට එම කාණ්ඩයන්ට අයත් වාහන කිසිදු පරික්ෂාවකින් තොරව ධාවනය වන බව තහවුරු වී ඇත.

මෙලෙස අවදානම් කාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ධාවනය වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෑතකදී මෙරට සිදුවූ අනතුරකදී තරුණ විද්‍යාඥයෙකුගේ දිවි අහිමිවීමට වායු බැලුනයේ දෝෂයක් හේතුවී තිබීම හේතුවෙන් ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයකදී එම කරුණු අනාවරණය වී ඇත.

ඒ අනුව අවදානම් කාණ්ඩයට අයත් මෝටර් රථ කාණ්ඩ හා මාදිලි 47ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්, එම වාහන ආනයනික ඒජන්ත සමාගම්වලින් අදාළ වාහන හිමිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගෙන වාහන යළි කැඳවීමට පියවර ගෙන ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“සිදුවුණ මාරක රිය අනතුරත් එක්ක, හොයා ගත්ත කාරණය තමා AIR BAG එකේ තිබුණ යකඩ කැබැල්ලක් එයාගේ ගෙල ප්‍රදේශයේ වැදිලා තමයි අනතුරෙන් මියගිහින් තියෙන්නේ. ඊට අදාළව එම AIR BAG සවිකරපු වාහන මොනවා ද කියලා කාණ්ඩ ගැන හොයාගෙන අපි ලබන සතියේම ලෑස්ති කරලා තියෙනවා ඒ අදාළ AIR BAG ඒජන්තවරු දැනට ලියාපදිංචි කරලා කරලා තියෙන සියලු වාහනවල AIR BAG එක නැවත සවිකරලා දෙන්න අදාළ වැඩකටයුතු කරන්න.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top