සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව බලවත් කාන්තාවන් 100 අතරට

සන්ධ්‍යා එක්නැලිගොඩ ලොව බලවත් කාන්තාවන් 100 අතරට

මේ අතර BBC පුවත් සේවය 2022 වර්ෂයේ  ප්‍රකාශයට පත් කළ ලොව බලවත් කාන්තාවන් 100 දෙනා අතර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ නමද සඳහන් වී තිබේ.

මානව හිමිකම් හා සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳයි.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර එනම් 2010 ජනවාරි 24 වැනිදා අතුරුදන් වූ අතර එතැන් සිට සිය සැමියාට යුක්තිය ඉටු කිරීමටත්, සියලු ආකාරයේ මර්ධනයන්ට එරෙහිවත් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සටන් කරමින් සිටියි.

එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වු ජයන්ති කුරුඋතුම්පාල 2017 වසරේදීත්, සමුද්‍ර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා දි වොස් 2018 වසරේදීත් මීට පෙර මෙම නාමලේඛනයට ඇතුළත්ව සිටියහ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top