අමෙරිකාවේ 6 හැවිරිදි දැරියක් මිත්තණියට තැබූ වෙඩිල්ල

american shoot

අමෙරිකාවේ ෆ්ලොරීඩාහි 06 හැවිරිදි දැරියක් විසින් නොදැනුවත්කමින් සිදුකළ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එම දැරියගේ මිත්තණිය තුවාල ලබා තිබේ.

මිත්තණිය සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි දැරිය රථය තුළ තිබූ ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් ඉන් තුවාල ලැබූ 57 හැවිරිදි මිත්තණිය ඒ පිළිබද හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමග ඇය ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමට කටයුතු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෝටර් රථය තුළ තිබූ මිත්තණියට අයත් ගිනිඅවියකින් දැරිය වෙඩි තැබීම සිදුකර ඇති බවට සහ එය නොදැනුවත්කමින් සිදුවූවක් බවට අනාවරණය වී ඇත.

අමෙරිකාව තුළ ගිනිඅවි ආරක්ෂාව පිළිබඳ පවතින ගැටලුකාරී තත්ත්වයට මෙය උදාහරණයක් බව පෙන්වා දී ඇති එරට පොලිසීය පවසන්නේ කුඩා ළමුන් අතට ගිනිඅවි පත්වීම වැළැක්වීමට පියවර ගත යුතු බවය. 

මේ අතර අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්ත වැසියෙක් ඔහුගේ හිටපු බිරිඳ ඇතුළු තවත් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ මිසිසිපි ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක දීය.

ස්ථාන දෙකකදී මෙම වෙඩි තැබීම් සිදුවී තිබේ.

මේ වනවිට වෙඩික්කරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top