අම්පිටියේ සුමනරතන හිමියන් ආරක්ෂාව ඉල්ලයි | අම්පිටියේ සුමනරතන හිමිගෙන් පොලීසියට චෝදනා

ampitiye himiyan

තම විහාරස්ථානයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුනොවන බව  අම්පිටියේ සුමනරතන හිමි පවසති.

උන්වහන්සේ පවසන්නේ, වෙඩිතැබූ පුද්ගලයා සෙවීමට පොලීසිය පියවර ගත යුතු බවය.

එසේම නැගෙනහිර විහාරස්ථාන සඳහා සැපයෙන ආරක්ෂාව කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් තමන් වහන්සේට හැකි ඉක්මනින් ආරක්ෂ‍ාවක් සපයා දෙන ලෙසට ද උන්වහන්සේ බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

තමන්ට පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මේ වන තෙක් එම ඉල්ලීම ඉටුකර නොමැති බව  අම්පිටියේ සුමනරතන හිමි වැඩිදුරටත් සඳහන් කළහ.

මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්, අම්පාර මංගලගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ කුටියක සැතපී සිටියදී පසුගිය දිනක රාත්‍රියේ එම කුටිය ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය.

වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ එම කුටියේ ජනේලයකටය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top