මෙතෙක් ලොව හමුවූ විශාලම ඩයිනෝසර පා සටහන දකුණු එංගලන්තයේ

dainoser

දකුණු එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රදේශයෙන් මෙතෙක් හමුවූ විශාලතම ඩයිනෝසර පා සටහන  හමුවී ඇතිබව විශේෂඥයෝ පවසති.
මෙම සොයා ගැනීම පිළිබඳ ප්‍රාදේශීය පුරාවිද්‍යාඥයකු  සිදු කර ඇති අතර සියලුම සංරක්ෂණ කටයුතු අවසන් වූ පසු මෙය ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.
මීටරයකට ආසන්න දිගකින් යුත් මෙම පා සටහන ජුරාසික් යුගයේ මාංශ භක්ෂක තෙරපෝඩාවකින් ඇති වූවක් බව සඳහන්ය.

මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, මෙම දැවැන්ත සත්වයා වසර මිලියන 166 කට පමණ පෙර එය සලකුණු කර ඇත. මෙම වාර්තාගත සොයා ගැනීම 2021 අප්‍රේල් මාසයේදී පුරාවිද්‍යාඥ ‘මාරි වුඩ්ස්’ විසින් සිදු කර ඇත.
වුඩ්ස් මහත්මිය මෙසේ පවසා තිබෙනවා.

“මම දැක්ක දේ මට විශ්වාස කරන්නත් බැරි වුණා. මම කළින් කඩා සළකුනු කිහිපයක් දැකලා තියෙනවා. නමුත් ඒවා මේක වගේ නෙවෙයි.” ඇය කියයි.

වෘත්තීය පාෂාණ විද්‍යාඥයින් අතර ජනප්‍රිය වෙරළ තීරයක් වන බර්නිස්ටන් බොක්කෙහිදී සිදු වූ මෙම සොයාගැනීමෙන් පසුව, වුඩ්ස් පා සලකුණ යථා තත්ත්වයට පත් කිරීමට උපකාර කිරීම සඳහා වෙනත් ප්‍රවීණයන් සමඟ සම්බන්ධ වී ඇත.

දේශීය පොසිල ගවේෂකයෙකු සහ “නිව් ස්ටඩි”හි සම කර්තෘ රොබ් ටේලර් විසින් එය මාස පහකට පෙර දැක තිබූ
නමුත් එකල මෙම පා සටහන සම්පූර්ණයෙන් නිරාවරණය වී නොතිබීම හේතුවෙන්  එහි වැදගත්කම පිළිබඳව ඔහුට අවබෝධ වී නැත.

ආචාර්ය ඩීන් ලොමැක්ස් විසින් මෙම පා සලකුණ “අපූරු සොයා ගැනීමක්” ලෙස විස්තර කර තිබෙනවා.
“පාද සටහනේ ලක්ෂණ අනුව මෙම විශාල විලෝපිකයා නැගී සිටීමට පෙර බිම වැතිර සිටි බව අනුමාන කළ හැකියි” ඔහු පවසා තිබෙයි.

9
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top