ඔබේ ලග්නයට අනුව ඔබට පිහිටවන ඉෂ්ඨ දෙවියන්…

astrology help god

බොහෝ දෙනෙක් නූතන විද්‍යාවට මුල් තැන දුන්නට දෙවියන් බුදුන් පුදමින් ආගම ද‍හමට අනුව ජීවත් වෙන අය ඕන තරම් සිටිනවා.ඉතින් ඔවුන් දෙවියන්ව විශ්වාස කරනවා. තම ආරක්ෂාව වෙනුවෙන්, සාර්ථකත්වය වෙනුවෙන් දෙවියන්ගෙන් පිහිට පතනවා. ඔවුන්ට පුදසත්කාර කරනවා.

හැබැයි ඉතින් ආවට ගියාට දෙවියන් යැදලා පලක් නැත. ඔබ තුළ ඇත්තේ අසත්පුරුෂ ගති නම් කිසි දිනෙක දෙවියන් ඔබට පිහිට නොවනු ඇත. සතුගුණවත් බවෙන් යුතු අයට නම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිතැතින්ම ලැබේවි. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියන්නේ බොරුවට නෙවෙයිනේ.

ඉතින් ඔබ දන්නවද අපි හැමෝටම ඉන්නවා ඉෂ්ඨ දේවතාවෙක්. සමහරවිට ඔබ ඒ ගැන අහලත් ඇති. ඉතින් මේ කියන්න යන්නේ ඔබේ ලග්නයට අනුව ඔබට පිහිට වෙන සරණ පැතිය හැකි දෙවිවරුන් ගැනයි.

😇 මේෂ ලග්නය – කතරගම දෙවියන් සහ බ්‍රහ්මයින් වන්දනාමාන කිරිම මගින් තමන්ගේ ජීවිතයට සෙතක් ශාන්තියක් ලබා ගත හැක.

😇 වෘෂබ ලග්නය – පාර්වතී මෑණියන්, සරස්වතී මෑණියන් සහ විෂ්ණු දෙවියන්.

😇 මිථුන ලග්නය – විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මි මෑණියන්.

😇 කටක ලග්නය – පත්තිනි මෑණියන් සහ බ්‍රහ්මයන්.

😇 සිංහ ලග්නය – ඊශ්වර දෙවියන්,ශිව දෙවියන් සහ කතරගම දෙවියන්.

😇 කන්‍යා ලග්නය – ලක්ෂ්මි මෑණියන්, විෂ්ණු දෙවියන්,පාර්වතී මෑණියන් සහ ගණ දෙවියන්.

😇 තුලා ලග්නය – සරස්වතී මෑණියන් සහ විෂ්ණු දෙවියන්.

😇 වෘෂ්චික ලග්නය – කතරගම දෙවියන් සහ පත්තිනි මෑණියන්.

😇 ධනු ලග්නය – බ්‍රහ්මයන්,ඊශ්වර දෙවියන් සහ ශීව දෙවියන්.

😇 මකර ලග්නය – විෂ්ණු දෙවියන් සහ ගණ දෙවියන්.

😇 කුම්භ ලග්නය – විෂ්ණු දෙවියන් සහ සරස්වති මෑණියන්.

😇 මීන ලග්නය – බ්‍රහ්මයන්,කතරගම දෙවියන් සහ ගණ දෙවියන්.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top